ප්‍රියමාලිගේ රත්‍රං ඉසුරු බණ්ඩාර ළගත්

255

තිළිණි ප්‍රියමාලි විසින් ලබාගත් බව කියන රත්‍රං කිලෝවකට අධික ප්‍රමාණයෙන් කොටසක් සැකකාර ඉසුරු බණ්ඩාර සතුව පවතින බවට තොරතුරු අනාවරණ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට සදහන් කර ඇත.ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ අනාවරණ කර තිබේ.ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලිගේ අනියම් සැමියා බව පැවසෙන ඉසුරු බණ්ඩාර නැමැත්තාව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment