ප්‍රියමාලිගේ වංචා බිලියන 1.3 ඉක්මවයි

310

තිලිණි ප්‍රියමාලි විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් බිලියන 1.3 කට අධික මුදලක් වංචා කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16 දා) කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.

තවද ඇයට ජාතික හැඳුනුම්පත් දෙකක් හා ගමන් බලපත්‍ර දෙකක් ඇති බව අනාවරණය වී ඇති බවත් පෙර කී මුදල් ප්‍රමාණය කොළඹ විශේෂ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් ඩොලර්වලට මාරු කර සුට්කේස් දෙකක පුරවා ගෙන කාර්යාලයට ගෙන ඇවිත් ඇත්තේ ඇයගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර විසින් බවත් අනාවරණය වී ඇතැයි ද සී. අයි. ඩී. ය ඊයේ අධිකරණයට පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment