ප්‍රියමාලිගේ වංචා විමර්ශනයට මහ බැංකුවෙන් සීඅයිඩීයට උපදෙස්

349

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් විවිධ පුද්ගලයන්ට අයත් රුපියල් කෝටි 400කට අධික මුදලක් වංචා කළ බව කියන තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාව සිදු කළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරන ආකාරය පිළිබඳව මහ බැංකවේ විශේෂ කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මහ බැංකුව වෙත ගොස් එහි විමර්ශන නිලධාරීන් හමුවී මෙම කාන්තාව විසින් සිදු කළ මහා මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යෑම සඳහා අවශ්‍ය උපදෙස් ලබාගෙන තිබේ.

මේ අතර මහ බැංකුවේ විශේෂ කණ්ඩායමක් ද මෙම කාන්තාව සිදු කළ මහා මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම කාන්තාව වෙනත් පුද්ගලයන්ගේ නමින් විවිධ බැංකු ගිණුම් විවෘත කරගෙන එම ගිණුම්වල වංචා කරන ලද මුදල් තැන්පත් කර තිබේ ද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බලාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment