ප්‍රියමාලිට ජානකීට දැඩි කොන්දේසි මත ඇප

213

වැඩි ප්‍රතිලාභ ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයන් මුලාකර ලබාගත් රුපියල් කෝටි සිය ගණනක් වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති නිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලි නමැත්තියට හා ඇයට එකී වංචනික ක්‍රියා සඳහා ආධාර අනුබල දුන් බව කියන ජානකී සිරිවර්ධන නමැත්තිය දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහල එම සැකකාරියන්ට විදේශ ගතවීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට යැවීමට ද නියෝග කළේය.

සැකකාරියන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසට ද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එම නඩු ලබන ජනවාරි 11 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළේය. එම සැකකාරියන්ට එරෙහිව නඩු කිහිපයක් ගොනු කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබූ අතර ඉන් නඩු කිහිපයකට මින් පෙර ඇප ලබාදීමට අධිකරණය නියෝග කොට තිබිණී.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment