ප්‍රියමාලිට හයිය දුන්න පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කරන්න යයි

463

තිළිණි ප්‍රියමාලිගේ හොර මූල්‍ය ආයතනය සමග සම්බන්ධයක් පැවැත්වූ බව කියන පොලිස් නිලධාරියකු පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙන් ‘දිවයින’ට ප්‍රකාශ කළේය.

මොහු පිළිබඳව තොරතුරු ලැබුණත් අදාළ පැමිණිල්ල අද හෙටම ලැබීමට ඉඩ තිබෙන බව ද පොලිසිය කියයි.

තිළිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණන් සහ රන් ආභරණ ලබාදුන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ද ඒවා ලබා ගැනීමට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගිය මොහොතේ මෙම ස්ථානය වී.අයි.පී. අය ගැවසෙන ස්ථානයක් කියමින් එම පොලිස් නිලධාරියා තමාව ඉවත්කිරීමට ක්‍රියාකළ බව ද ව්‍යාපාරිකයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබුණි.

මේ අනුව මෙම පොලිස් නිලධාරියාගෙන් අද හෙටම ප්‍රශ්න කරනු ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment