ප්‍රියමාලි ඇප ලබා ගෙදර යයි

178

වැඩි ප්‍රතිලාභ ලබාදෙන බව පවසා දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි සිය ගණනක මුදලක් ලබා ගෙන වංචා කිරීම සහ එකී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී වැලිකඩ බන්ධනාගාරය තුළදී ජංගම දුරකථන භාවිතා කිරීම යන චෝදනා එල්ල වී තිබූ තිලිණි ප්‍රියමාලි නමැත්තිය අධිකරණය විසින් නියම කර තිබූ ඇප කොන්දේසි සපුරාලමින් ඊයේ (27 වැනිදා) ඇප බැඳුම්කරවලට අත්සන් තැබීමෙන් පසු බන්ධනාගාරය විසින් ඇය මුදාහැරි බව වැලිකඩ බන්ධනාගාරය සඳහන් කරයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ සඳහා ඇය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ප්‍රියමාලි ඇප ලබා ගෙදර යයි
බන්ධනාගාරයෙන් මුදාහල තිළිණි ඇයගේ හිතවතුන් විසින් මල් කළඹක් දී පිළිගත් අයුරු.

එම සැකකාරියට එරෙහිව ගොනු කර තිබූ නඩු 8 කට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දැඩි ඇප කොන්දේසි පනවා ඇප නියම කර තිබිණි.

එහිදී ආදායම් පිළිබඳව නිශ්චිත වාර්තා ඉදිරිපත් කරන ලෙසට පනවා තිබූ ඇප කොන්දේසිය සපුරාලීම සඳහා එක් ආදායම් වාර්තාවක් ලබා ගැනීමට රජයට විශාල මුදලක් ගෙවීමට සිදුවීම නිසා ඇති වූ මුල්‍යමය ගැටලුවක් මත එම ඇප කොන්දේසිය සපුරාලීමට ප්‍රමාද වූ බව ඇගේ නීතිඥවරු පැවසූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment