ප්‍රියමාලි හමුවුණේ මානසික රෝහලෙන්: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

720

රුපියල් කෝටි ගණන් මුදල් වංචා සිදුකළ තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාව තමා සමගින් ඡායාරූපයකට මුහුණ දී තිබෙන බව මාධ්‍ය මගින් දැන ගැනීමට ලැබුණු බව දකුණු පළාත් (අපරාධ) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින’ට (14 දා) ඊයේ පැවසීය.

තමාගේ මතකයේ හැටියට මාස කීපයකට පෙර අංගොඩ මානසික රෝහලේ පැවැති උත්සවයකට තමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පැමිණි මොහොතේ මෙම කාන්තාව ද එහි පැමිණි සිටි බව දැන ගැනීමට ලැබුණු බව ද එහිදී ඇය මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් සොය සොයා ඔවුන් සමග ඡායාරූපවලට පෙනී සිටි බවත් තමා සමගත් එසේ පෙනී සිට ඇති බවත් හෙතෙම කීවේය.

ඕනෑම පුද්ගලයකුට මේ ආකාරයට ඡායාරූපවලට මුහුණ දීමට හැකියාවක් ඇති බව රහසක් නොවේ යැයි ද කියයි.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment