ප්‍රියමාලි 9 වැනිදා යළි උසාවි ගේන්න නියෝග

139

කඩවත ව්‍යාපාරික ආයතනයකින් ජංගම දුරකථන අමතර උපාංග මිලදී ගෙන ඒ සඳහා අගරු චෙක්පත් ලබාදීමේ වරදට මහර අධිකරණයට ඉදිරිපත් කළ තිළිණි ප්‍රියමාලි ලබන මස 9 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහර මහෙස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය ඊයේ (26 දා) නියෝග කළාය.

රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකාරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

රුපියල් පන්ලක්‍ෂ තුන්දහස් දෙසීයක් වටිනා ජංගම දුරකථන උපාංග මිලදී ගෙන ඒ සඳහා රුපියල් හාරලක්‍ෂ පනස් දහසක් හා පනස් තුන් දහස් දෙසීයක් වටිනා අගරු චෙක්පත් ලබාදීම සම්බන්ධව සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ ව්‍යාපාරික ආයතනය විසින් මේ පැමිණිල්ල ගොනු කර ඇත.

කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment