ප්‍රේමකීර්ති ද අල්විස් අනුස්මරණ ගීත රචනා තරගාවලියේදී මගේ ‘සුදුවැල්ලේ’ ගීතය තේරුණා – ගී පද රචක අතුල බාලසූරිය

293

කිංස්ලි පීරිස් ගේ ‘ඇතුගල්පුර අහසින්. ගීතය පුද්ගලික අත්දැකීමක්
බව තිමිර” කාව්‍යා”  විනිවිඳිමි අඳුර” සඳගිර වැනි ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වූණා

ප්‍රේමකීර්ති ද අල්විස් අනුස්මරණ ගීත රචනා තරගාවලියේදී මගේ ‘සුදුවැල්ලේ' ගීතය තේරුණා - ගී පද රචක අතුල බාලසූරිය

ගීත රචනයෙන් කැපී පෙනෙන දස්කම් දක්වන ඔහු ලියූ ගීත අතර අබේවර්ධන බාලසූරිය ගයන නවරත්න ගමගේ සංගීතවත් කළ ‘සුදු වැල්ල දිගේ. ග්‍රේෂන් ආනන්දයන් සංගීතවත් කොට ගයන මේ සීත රෑ යාමයේ විශාරද චන්දන ලියනආරච්චි ගයන නවරත්න ගමගේ සංගීතවත් කළ ‘තුරු සීත පවන්. සුනිල් එදිරිසිංහයන් ගයන ‘ජීවිතය ගැන සිතන්නට යළි. කිංස්ලි පීරිස් ගයන ‘ඇතුගල්පුර අහසින් වැනි ගීත කැපී පෙනේ.

ප්‍රේමකීර්ති ද අල්විස් අනුස්මරණ ගීත රචනා තරගාවලියේදී මගේ ‘සුදුවැල්ලේ' ගීතය තේරුණා - ගී පද රචක අතුල බාලසූරිය

බව තිමිර” කාව්‍යා” විනිවිඳිමි අඳුර” සඳගිර වැනි ටෙලිනාට්‍ය ගණනාවකට ද ආරාධිත ශිල්පියකු ලෙස රංගනයෙන් දායක වූ හෙතෙම ප්‍රසංග වේදිකාවේ නිවේදකයකු ලෙස ද කටයුතු කරනු ඇත.

මහරගම තරුණ සේවා සභාවේ හේමසිරි මැදගෙදර යටතේ සංගීතය ද මහාචාර්ය සනත් නන්දසිරි” කපිල කුමාර කාලිංග” ග්‍රේෂන් ආනන්ද යන ප්‍රවීණයන් යටතේ සංගීතය සහ ගීත රචනය පිළිබඳව හදාරා ඇති ඔහු නමින් අතුල බාලසූරිය. අද අපේ කථානායකයා ඔහුය.

ප්‍රේමකීර්ති ද අල්විස් අනුස්මරණ ගීත රචනා තරගාවලියේදී මගේ ‘සුදුවැල්ලේ' ගීතය තේරුණා - ගී පද රචක අතුල බාලසූරිය

ඇතුගල්පුරයෙන් අතුල ගීත රචනා කලාවට යොමුවුණේ කොහොමද?

මම මුල ඉඳලා ගීත ඇසීමට නැඹුරු වෙලයි හිටියේ. උසස් පෙළ ලියන කාලයේ තමයි ඒ අදහස හිතට ආවේ. නිවාඩු පාඩුවේ මම ගීත ලිව්වා. නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. පස්සේ කාලයකදී මට ග්‍රේෂන් ආනන්දයන් මුණගැසෙනවා. ඔහු මගේ ගීත දෙකක් අරගෙන තනු නිර්මාණය කරලා ගායනා කළා. ඒ මේ සීත රෑ යාමේ සහ නිල් ජලේ පිපුණ නෙළුමට කියන ගීත දෙක. පස්සේ කාලෙක ග්‍රේෂන් මහත්මයා නිල් ජලේ පිපුණ නෙළුමට කියන ගීතය ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකටත් ගායනා කළා. ග්‍රේෂන් ආනන්දයන් සමග ඇතිකරගත් හිතවත්කමත් එක්ක මට ක්‍ෂේත්‍රයේ ගොඩක් අය හඳුනගන්න ලැබුණා. නිතර ප්‍රසංගවලට යන්නත් අවස්ථාව ලැබුණා. ප්‍රියා සූරියසේන” එඩ්වඩ් ජයකොඩි” සනත් නන්දසිරි” සෝමසිරි මැදගෙදර වගේ අය නිතර මුණගැසුණා. ඒ කාලේ මම නුගේගොඩ බෝඩිම්වෙලා හිටියේ.

2003 වසරේ ප්‍රේමකීර්ති ද අල්විස් අනුස්මරණ ගීත රචනා තරගාවලියක් තිබුණා. ඒ තරගයට මම ගීත දෙකක් යැව්වා. මේ තරගාවලියට ගීත 50”000ක් ඇවිත් තිබුණා. ඒ තරගයෙන් මගේ සුදුවැල්ල දිගේ ගීතය තේරුණා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ උත්සවයක් තියලා ලක්හඬ” අයි.ටී.එන්. එකෙන් මට සම්මානයක් පවා ලැබුණා.

චන්දන ලියනාරච්චි මගේ තුරු සීත පවන් ගීතය ගායනා කළා. පසුකාලීනව මම ගීත ලිවීමෙන් ඈත් වුණා. මෑත කාලයේ කොරෝනා වසංගතයත් එක්ක යළි ගීත ලියන්න පටන් ගත්තා.

ඇතුගල්පුර අහසින් වැසි වැටෙන සවසකදී කියන ගීතය තමයි කිංස්ලි පීරිස් ගායනා කළේ. ඇතුගල්පුර අහසින් ගීතය මගේ පුද්ගලික ජීවිතයේ අත්දැකීමක්. ඇතුගල්පුර වැව රවුම වටේ සති අන්තයේ පෙම්වතුන් නිතර ගැවසෙනවා. ඒ කාලේ කුරුණෑගල කොල්ලෙකුට කෙල්ලෙකුට පෙම් කරන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි මම ගීතයකට පෙරළුවේ.

ඒ කාලේ නවකයෝ මගෙන් ගීත රැසක් ඉල්ලගෙන තියෙනවා. මම කවදාවත් සල්ලි අරගෙන ගීත ලියන්නේ නැහැ. මම ගීත ලියන්නේ ආත්ම තෘප්තියට. රජරට සේවයේ ගායකයන්ට පවා මම මෑත කාලයේ ගීත කීපයක් ලබා දුන්නා.

පස්සේ කාලෙක කිංස්ලි  එයාගේ පුතාටත් මගෙන් ගීත කිහිපයක් තෝරාගෙන තියෙනවා.

සුනිල් එදිරිසිංහයන්ට කියලා ගීතයක් ගායනා කරනවා කියන්නේ හරි අමාරු වැඩක්. සුනිල් අයියා මාව ඒ කාලේ ඉඳලා අඳුරනවා. ඔහු මගේ සංකල්පනා කවදත් හොඳ නෑ කියලා නෑ” මේ සංකල්පනා හොඳයි. මම ගොඩක් දේවල් හොයලා බලලා තමයි ගත්තේ කියලා මට කියලා තියෙනවා. පස්සේ මම ඔහුත් සමග කතාබහ කරකර ඉන්නකොට ඔහු කියූ දේවල් ගැන හිතලා මම එදා රෑම ඒ වදන් කොලයක ලියලා ඔහුට වට්ස්ඇප් කළා. සුනිල් අයියා ඒක නම් හරියට ම හරි කියලා ගායනා කළා. ඒක තමයි ‘ජීවිතය ගැන සිතන්නට යළි. කියලා සුනිල් එදිරිසිංහයන් ගායනා කරන්නේ.

ක්‍රිෂාන්ත එරන්දක මට නිතරම කිව්වා කෙටි පද තියෙන ගීතයක් ලියලා දෙන්න කියලා. පස්සේ මම ගීතයක් ලියලා යැව්වා. දැන් ඒ ගීතය කරලා මාසයක් විතර වෙනවා. තවම අපට ඒ ගීතයේ රූප රචනාව කරන්න බැරිවුණා.

ඒ කාලේ අපි ගීත ලියලා දුන්නම එච්චර කවුරුත් ගණන් ගත්තේ නැහැ. හැබැයි මට ක්‍ෂේත්‍රයේ මුලින්ම හිතවත්කම් ගොඩනැඟුණා. ඒක මට ලොකු වාසනාවක් වුණා. මම සින්දු ලියන්න කලින් ලංකාවේ ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ අඳුරගත්තා. ඊට පස්සේ මගේ ගීත ඔවුන් අරගත්තා.

මම ග්‍රේෂන්ගේ අතිජාත මිත්‍රයෙක්. ග්‍රේෂන් නුගේගොඩ චැපල් ලේන් එකේ. මම ඇඹුල්දෙණියේ හිටියේ. ඒ කාලේ මම ඔහුත් එක්ක ප්‍රසංගවලට ගිහිල්ල එනකොට පාන්දර දෙක තුන වෙනවා. ඔහු හරහා මට ක්‍ෂේත්‍රයේ දැවැන්තයෝ රැසක් අඳුරගන්න ලැබුණා.

මගේ පුද්ගලික ජීවිතයේ අත්දැකීම් රැසක් මම ගීතවලට ලියලා තියෙනවා. මම දකින දේ තමයි පදවැල් බවට පත්වන්නේ. අපි නිතැතින්ම දකින දේ තමයි ගීත නිර්මාණයට යොදාගන්නේ. මාව ආපසු ගීත ලියන තැනට පත්කළේ කිංස්ලි පීරිස්. අනික මගේ යටගිය හැකියාව නැවත ඉස්මතු කළෙත් කොරෝනා වසංගතය කියලා තමයි කියන්න තියෙන්නේ.

දිනේෂ් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment