ප්‍රේමලාල්ටත් රාජ්‍ය ඇමැති ධුරයක් – රාජ්‍ය ඇමැති ලැයිස්තුව 38ට නගී

193

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලී) වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (12 දා) පත්කර ඇත.

ඒ මහතා ඊයේ පෙරවරුවේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගනිමින් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබිණි.

එම පත්වීමත් සමගම මේ වන විට පත්කර ඇති රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉකුත් 2015 වර්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක දී එවකට ජනාධිපති අපේක්‍ෂකව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාරකරුවකු කහවත්තේදී වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනකුට එහෙිව චෝදනා එල්ල වී තිබිණි.

නඩු විභාගයෙන් පසු රත්නපුර අධිකරණය මගින් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනාට මරණ දඬුවම නියම කරනු ලැබූ අතර පසුව මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට අභියාචනාවක් ගොනු කළ ප්‍රේමලාල් ජයසේකර මහතා නිදොස්කොට නිදහස් කිරීමට එම අධිකරණය කටයුතු කර තිබිණි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment