ප්‍රේම දඩයමට තරුණිය පැහැරගත් සිව්දෙනා මාට්ටු

489

ප්‍රේම සම්බන්ධතාවක් බිඳීයෑම නිසා කෝපයට පත්වූ තරුණයකු 23 හැවිරිදි සිය පෙම්වතිය පැහැරගෙන ගොස් නිවසක සිර කරගෙන සිටියදී අලුත්ගම පොලිසිය විසින් පෙරේදා (12 දා) රාත්‍රී සොයාගෙන ඇත.

මෙම තරුණිය පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ තරුණයන් සිව්දෙනෙක් සහ පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පැහැර ගැනීමට ලක්වූ තරුණිය රෝහල් ගතකර ඇත.

පැහැර ගැනීමට ලක්වූ 23 හැවිරිදි තරුණිය උකස් මධ්‍යස්ථානයක සේවය කරන අතර අළුත්ගම ප්‍රදේශයේ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගන ගොස් තිබේ.

එම සම්බන්ධය මීට ටික කලකට උඩදී නතර කිරීමට තරුණිය කටයුතු කර ඇත. ඉන් කෝපයට පත්වූ තරුණයා පෙරේදා (12 දා) සවස මෙම තරුණිය සිය රාජකාරි නිමකර නිවස බලා යද්දී ඇය ලුහුබැඳ තිබේ.

තවත් තරුණයන් තිදෙනෙක් සමග ගොස් ඇති පෙම්වතා මොරගල්ල ප්‍රදේශයේදී හිටපු පෙම්වතිය පැහැරගෙන මෝටර් රථයක දමාගෙන ගොස් තිබේ.

අළුත්ගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් මෙම තරුණිය රඳවාගෙන සිටි නිවස වටලා ඇය සොයාගෙන ඇත.

තරුණිය පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත ඊයේ සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අළුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නාලක මහගෙදර මහතාගේ අධීක්‍ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු, ඒ. එස්. ප්‍රේමතිලක සහ කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment