ප්‍රේම දඩයමේ දේව්ට හඬ කවන ප්‍රගීත්

139

ඔහු වෙළෙඳ දැන්වීම් හඬ ශිල්පියෙක් විදිහට වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින්නෙක්. ඔහුගේ හඬ පෞරුෂය වෙළෙඳ දැන්වීම් කලාවටද ආලෝකයක් බව මේ වන විට ඔහු ප්‍රත්‍යක්ෂ කර හමාරයි. ප්‍රමුඛ පෙළේ සන්නාම රාශියක හඬ අයිතිකරු ඔහුයි. වසර විස්සකට ආසන්න කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ අට කොන සැරිසරා ලබාගත් අත්දැකීම් සමූහයක් සමග නිදහස් මාධ්‍යවේදියකු” හඬ කැවීම් ශිල්පියකු” නිවේදයකු ලෙස කටයුතු කරන ඔහු ප්‍රගීත් විජේසූරිය.

මේ දිනවල ඔබේ වැඩ කටයුතු මොනවාද?

දිනපතා උදේ පත්තරේ වැඩසටහන පහුගිය කාලය පුරාවටම සියත ටී වී සහ රේඩියෝ මාධ්‍ය දෙකේම ඉදිරිපත් කළා. මේ වෙද්දී සියත රේඩියෝවේ එම වැඩසටහන් විශේෂාංගය ඉදිරිපත් කරනවා වගේම උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමත් මා විසින් සිදුකරනු ලබනවා. මේ වැඩසටහනේ ජනප්‍රියත්වයේ ඉලක්කම මොකක්ද කියන එක නෙමෙයි අපිට වැදගත්. කාගේ කාගේත් දේවල් අමතර අනුග්‍රාහකත්වයක් හෝ අමතර  පහරගැසීමකින් තොරව ඉදිරිපත් කරන එක තමයි අපේ ආර්ට් එක. ඒ වගේම එම නාලිකාවේ විශේෂ වැඩසටහන් වලටද මම සම්බන්ධ වෙනවා.

ප්‍රේම දඩයමේ දේව්ට හඬ කවන ප්‍රගීත්

මේ දිනවල ඔබේ හඬකැවීම් දායකත්වය?

ප්‍රේම දඩයම 4” දේව් ප්‍රධාන චරිතය ඇතුළු නිර්මාණ ගණනාවකටම හඬ කැවීම් ශිල්පියෙක් විදිහට සම්බන්ධ වෙනවා. ඇත්තටම ප්‍රේම දඩයමේ මුලින් රිතික් විදිහට හඬ දුන්නෙත් මම. ඒකෙන් තමයි මාව හඬකැවීම් ශිල්පියෙක් විදිහට වඩාත් ඉස්මතු වුණේ. ඒ වගේම මහ රජ කංසා වල විෂ්ණු දෙවියෝ” හමුවෙමු ආයේ සංසාරේ මිස්ටර් හූඩා” සිරසේ ස්පයිඩර් මෑන් කාටූන් එකේ පවර් මෑන් චරිතය ඇතුළු නිර්මාණ රැසකට සම්බන්ධ වුණා.

ප්‍රේම දඩයමේ දේව්ට හඬ කවන ප්‍රගීත්

ටෝක් ස්ටුඩියෝ එකේ මොනවද වෙන්නේ?

ටෝක් ස්ටුඩියෝ එකට දැන් අවුරුදු පහකුත් ඉවරයි. ඒ කාලය තුළ අපෙන් හැදුණු ළමයි ටිකක් ඉන්නවා. මෙහිදී මාධ්‍ය ගැන” මාධ්‍යයට සම්බන්ධ නිවේදනය” හඬකැවීම් ඇතුළු හැම ක්ෂේත්‍රයකටම අදාළ වෙන විදිහට කුසලතාවත්” ප්‍රයෝගික දැනුමත් අපි ලබාදෙනවා” පළපුරුදු දේශක මණ්ඩලයක් සහ ඒකට සුදුසු පරිසරයක් ඇතුළත. ඒ වගේම මොන්ටිසෝරි දරුවාගේ  ඉඳලා විශ්‍රාම සුවයෙන් ඉන්න අය දක්වාම අය අපේ පාඨමාලාවල ඉඳල තියෙනවා. විශේෂයෙන් හඬකැවීම් එහෙම තියෙන නිසා. අනෙක් දේ පුංචි ළමයි” පාසල් දරුවන් වෙනුවෙන් පුංචි මාධ්‍යවේදියා කියන පාඨමාලාවත් අපි හඳුන්වා දුන්නා. පාසල් වලින් එළියට එන මාධ්‍යයටම යොමුවෙන්න ඉන්න තරුණ දරුවෝ වෙනුවෙන් නිවේදනය පිළිබඳ වෙනම පාඨමාලාවක් කරනවා. නිවේදනය” ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම” වැඩසටහන් ඉදිරිපත් කිරීම වගේ දේවල් ඇතුළත් කරලා. අපේ ආයතනය තුළින් එළියට ආපු ළමයි හොඳින් අධ්‍යාපනය ලබලා එළියට ගිහින් රූපවාහිනී” ගුවන් විදුලි වැඩසටහන්වල” හඬ කැවීම් වල” ටෙලි නාට්‍යවල” වෙළෙඳ දැන්වීම් වල ආදී මේ වගේ විවිධ ඉසව් නියෝජනය කරමින් දක්ෂතා පෙන්වනවා. මේ වැඩේදී අපි සම්බන්ධ කරගෙන ඉන්න අපේ දේශකයෝ ක්ෂේත්‍රයේ පිළිගැනීමක් තියෙන” පළපුරුද්දක් තියෙන අය. ලාල් සරත්” සුනෙත් චිත්‍රානන්ද” සිතාරා පවිත්‍රානි” චිරන්ත රංවල” උදානි රත්නායක” සම්පත් ශ්‍රී ජයසිංහ” ප්‍රසන්න ජයනෙත්ති” ඉරේෂා ලක්මාලි” තරංගා නානායක්කාර” ඉඳුනිල් ජයවර්ධන” ජගත් මුතුකුමාරණ යන ප්‍රවීණයන්ගෙන් කිහිපදෙනෙක්.

දැන් හැම තැනම වගේ මෙවැනි වැඩසටහන් පැවැත්වෙනවා නේද?

ඔව්. තව ඕනෑතරම් තියෙනවා. ඒකෙ කිසි ගැටලුවක් නැහැ. ඒ ඒ අය තම තමන්ගේ හැඩයට අනුව ඒවා  කරගෙන යනවා. මගේ විශ්වාසයේ හැටියට ඒ කොයි තැනත් මොකක් හෝ දෙයක් දෙන්න උත්සාහ කරනවා. මෙහිදී අවසාන වගකියන්නා විදිහට මම හිටියට මගේ පිටිපස්සේ මට උපදේශකත්වය දෙන්නේ කැලණි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැටි්‍රක් රත්නායක සර්. එතුමාගේ ආශිර්වාදය මඟපෙන්වීම අපට නිබඳවම ලැබෙනවා.

යුගන්ති යසෝදරා

advertistmentadvertistment
advertistmentadvertistment