ප්ලාස්ටික්වලින් තොර ගාලු නගරයක් සඳහා පාසල් සිසුන් දැනුවත් කරයි

171

ගාලු නගර බල ප්‍රදේශයේ පිහිටි විද්‍යාලෝක විද්‍යාලය, ජයවර්ධන විද්‍යාලය සහ ශ්‍රී හෘදය කන්‍යාරාමයේ සිසුන් 120 කට වැඩි පිරිසක් සහ එම ආචාර්ය මණ්ඩලය ගාල්ල නගරයේ ප්ලාස්ටික් දූෂණයේ මූලාශ්‍ර, බලපෑම් සහ විසඳුම් පිළිබඳව අධ්‍යාපනික දැනුවත් කිරීමේ වැඩසටහනකට පසුගිය ජනවාරි 19 වැනි දින සහභාගි වූහ. “ගෝලීය, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම” යන තේමාවෙන් යුත් මෙම දැනුවත් කිරීමේ අවස්ථාවට ප්ලාස්ටික් ද්‍රව්‍ය ජනනය සහ කළමනාකරණය සම්බන්ධයෙන් නවතම දත්ත, ප්‍රතිපත්ති සහ වෙළෙඳපළ වර්ධනයන් කෙසේද යන්න පිළිබඳව අවධානය යොමුකරවන ලදී.

ප්ලාස්ටික්වලින් තොර ගාලු නගරයක් සඳහා පාසල් සිසුන් දැනුවත් කරයි

විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න සෙනෙවිරත්න මහතා විසින් උත්සවයට පැමිණි සියලුම දෙනා පිළිගෙන ප්ලාස්ටික් ශුන්‍ය අනාගතයක් සාක්ෂාත් කර ගැනීමේ පාසල් දරුවන්ගේ දැක්ම පිළිබඳව අවධාරණය කරන ලදී. මෙම හඳුන්වාදීමෙන් පසුව, පාරිසරික විද්‍යාව සහ තිරසාර සංවර්ධන ක්ෂේත්‍රයේ සේවය කරන ජාත්‍යන්තර විශේෂඥයන් කිහිප දෙනකු විසින් ද දේශන පවත්වන ලදී. Human and Environment Progressive Link Organisation (HELP-O) සංවිධානයේ සභාපති චතුර වැලිවිටිය මහතා, පාසල්, සත්කාරක කර්මාන්තය, ඇඟලුම් නිෂ්පාදන සහ ධීවර කර්මාන්තය ඇතුළු ගාලු නගරයේ ප්‍රධාන අංශවල දේශීය ප්ලාස්ටික් අඩු කිරීම සඳහා මුලපිරීම ඉදිරියට ගෙන යාම සඳහා ්‍යෑඛඡ-ධ හි ක්‍රියාකාරිත්වය පිළිබඳව සිසු හා ගුරු ප්‍රජාව දැනුවත් කළේය.

Matthew Hengesbaugh සහ අචාර්ය අමිල අබේරත්න මහත්වරු ජපානයේ Global Environmental Strategies (IGES) ආයතනය සමඟ එක්ව කටයුතු කරන පර්යේෂකයන් දෙදෙනකු වන අතර, ප්ලාස්ටික් අභියෝගයේ ඉතිහාසය සහ විෂය පථය, මෑතකාලීන ප්‍රතිපත්ති වර්ධනයන් මෙන්ම ප්ලාස්ටික් මැනීමේ මෙවලම් සහ ක්‍රම පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ.

දකුණු පළාත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විදුර කාරියවසම් මහතා සහ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සුරංජි වේරගොඩ මහත්මිය ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් විසින් ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සිදුවන පරිසර දූෂණය සහ පරිසරය ආරක්ෂා කිරීමේදී සිසුන්ගේ වගකීම විස්තර කරන ලදී.

IGES iy HELP-O විසින් සම-සංවිධානය කරන ලද මෙම උත්සවය ශ්‍රී ලංකාවේ පාරිසරික වශයෙන් යහපත් කළමනාකරණයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ Basel Rotterdam Stockholm සම්මුතිය ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා සංවර්ධන සහයෝගිතා සඳහා නෝර්වේජියානු නියෝජිතායතනය (NORAD) විසින් අරමුදල් සපයන ව්‍යාපෘතියක කොටසකි. ගාලු නගරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් තොරව ඉදිරියට යන විට සමාජය තුළින් සාගරයට ප්ලාස්ටික් කාන්දු වීම අවම කිරීම සහ වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ පුරවැසි වගකීම ඉටුකරගැනීම සඳහා සිසුන් සම්බන්ධ කරගනිමින් නියමු ක්‍රියාකාරකම් රැසක්ද මීට සමගාමීව සංවිධානය කර ඇති බව HELP-O සංගමයේ සභාපති චතුර වැලිවිටිය මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment