ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයට දස අවුරුදු ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක්

89

ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බැවින් එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ඉකුත් 25 වැනිදා 2021 – 2030 දක්වා දස අවුරුදු ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දෙනු ලැබීය.

 පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම ජාතික ක‍්‍රියාකාරි සැලැස්ම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදෙනු ලැබීය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක‍්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා ජපාන රජය මගින් එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන සහ පරිසර අමාත්‍යාංශය යන ආයතන විසින් අනුග‍්‍රහය දක්වන ලදී.

 මෑත කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී පවතින අවිධිමත් බව සැලකිල්ලට ගනිමින් ඉදිරි දස වසර තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ක‍්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ මෙමගින් යෝජනා කර තිබේ.

 පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ජාතික ක‍්‍රියාකාරි සැලැස්ම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දුන් අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment