ප්ලේන්ටිය රු. 30 යි: බත් පාර්සලය 10% කින් පහළට

119

ආපනශාලා හිමියන්ගේ සංගමය

බත් පැකට්ටුවක මිල සියයට 10 කින් අඩු කිරීමටත්, සාමාන්‍ය තේ කෝප්පයක (ප්ලේන්ටි) මිල රුපියල් 30ක් ලෙසත් ඊයේ (09දා) සිට මිල නියම කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම සහනය ලබා නොදෙන හෝටල් සම්බන්ධයෙන් 078 – 8714726 අංකයට වට්ස් ඇප් මගින් ජනතාවට දැනුම්දිය හැකි බවද හෙතෙම කීය.

කෙසේ වුවත් කිරිතේ මිල එලෙසම පවතින බවත්, කිරිපිටි මිල අඩු කළහොත් ජනතාවට එම සහනය ලබාදිය හැකි බවත් ඒ මහතා කීය.

එමෙන්ම කොත්තු, ප්‍රයිඩ්රයිස් මිලද අඩු නොවන බවත්, පාන්පිටි සහ කිලෝග්‍රෑම් 37.5 ගෑස් සිලින්ඩරයේ මිල අඩු වුවහොත් ඒවායේ ද මිල අඩුකළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම ගෑස් මිල අඩු වුවත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩුකළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment