ප්‍රථම වතාවට වැඩ නිමකළ මාර්ග 1500 ක්‌ එකම දිනකදී ජනතා අයිතියට

238

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අනුව යමින් ප‍්‍රධාන මාර්ගවලට හා අධිවේගී මාර්ගවලට තදබදයකින් තොරව පහසුවෙන් පිවිසිය හැකි ආකාරයට සියලූ අභ්‍යන්තර, ග‍්‍රාමීය හා අතුරු මාර්ග කි.මි 100,000 ක්.. සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ වැඩ අවසන් කළ මාර්ග 1500ක් සෞභාග්‍යය මංපෙත් විප්ලවයේ දහසකුත් වැඩ නිම වන දවස යන තේමාව යටතේ එක් දිනක් තුළ ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය 06 වන සෙනසුරාදා ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් වීරකැටිය මන්ඩාඩුව ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කරයි.

 දිවයිනේ සියලූම දිස්ත‍්‍රික්ක හා මැතිවරණ කොට්ඨාස සියල්ල ආවරණය වන පරිදි මෙම මාර්ග 1500ක් නිම කර ඇත. මෙම මාර්ග සියල්ල මාස 3 ක් ඇතුළත නිම කිරීම මෙහි ඇති සුවිශේෂත්වයයි.

 රටේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් නිරෝධායන ඇඳිරි නීතිය විටින් විට පැනවූවත් රටපුරා ආරම්භ කර තිබූ මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සියල්ල නොකඩවා සාමාන්‍ය පරිදි සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව සිදු කළ නිසා මෙම මාර්ග 1500ක් ජනතා අයිතියට පත් කිරීමට හැකි වූ බව ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා ප‍්‍රකාශ කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment