පාකින්සන් රෝගීන්ට ඩිමෙන්ෂියාව වැළඳෙනවාද?

398

ප‍්‍රශ්නය – පාකින්සන් රෝගීන්ට ඩිමෙන්ෂියාව වැළඳෙනවාද?

මහාචාර්ය අරියවංශ හෙට්ටිආරච්චි – පාකින්සන් කියන්නේ මතක ශක්තිය දුර්වලවීමක් නොවෙයි. මොළයේ ෙසෙල දුර්වලවීම නිසා එම ෙසෙල හරහා නියෝග ලබන ශරීර අංගෝපාංග මන්දගාමී වීමයි මෙහිදී සිදුවන්නේ. පාකින්සන් රෝගියකුට දැනෙනවා නම් තමා මායාකාරීව දකින බව එයින් හැෙඟන්නේ ඔහුට ඩිමෙන්ෂියා අවදානමකුත් තිබෙන බවයි.

 ප‍්‍රශ්නය – අශ්වගන්ධ සාරයෙන් තෛරොයිඞ් ග‍්‍රන්ථියට ප‍්‍රතිකාර කළ හැකිද?

 මහාචාර්ය අරියවංශ හෙට්ටිආරච්චි – ඒ පිළිබඳව කරන ලද පර්යේෂණවල දත්ත වලට අනුව අශ්වගන්ධ මගින් තෛරොයිඞ් ග‍්‍රන්ථියේ සංකූලතා සුව කළ හැකියි.

 ප‍්‍රශ්නය – විවිධ ශාකසාර මගින් පාකින්සන් රෝගයට ප‍්‍රතිකාර සලසන ආකාරය ගැන පසුගිය සතිවල අප සාකච්ඡා කළා. ඔබ අද අපට හඳුන්වාදෙන එවැනි ශාකමය ඖෂධය කුමක්ද ?

 වෛද්‍ය ආරියවංශ හෙට්ටිආරච්චි – අද අප හඳුන්වලා දෙන්නේ ලූනුවිල ශාකය ගැනයි. පාකින්සන් රෝගයට ප‍්‍රතිකාර කළ හැකි හොඳම ඖෂධීය අමුද්‍රව්‍යයක් ලෙස BACOPA MONNIERI හෙවත් ලූනුවිල ශාකය හඳුන්වා තිබෙනවා. ඉංග‍්‍රීසි භාෂාවේදී මෙම ශාකයට නම් ගණනාවක් තිබෙනවා. මෙය විශේෂ ගඳක් හෝ සුවඳක් නැති ශාකයක්. ඉන්දියාව, නේපාලය, ශ‍්‍රී ලංකාව, චීනය, පාකිස්ථානය, තායිවානය, වියට්නාමය යන රටවල වගුරු බිම් ආශ‍්‍රිතව හටගන්නා මේ ශාකය එම රටවල ස්නායු බලගැන්වීමේ ඖෂධයක් ලෙස පාවිච්චි කෙරෙනවා.

 ප‍්‍රශ්නය – පාකින්සන් රෝගයේදී මේ ශාකය ක‍්‍රියාකරන්නේ කවර ආකාරයකින්ද?

 වෛද්‍ය ආරියවංශ හෙට්ටිආරච්චි – රෝගියාගේ මතකය පවත්වාගෙන යාමට අවශ්‍ය ස්නායු ශක්තිය වැඩි දියුණු කිරීම තමයි, මේ ශාකය මගින් ප‍්‍රධාන වශයෙන් කරන්නේ. ඊට අමතරව කාංසාව, අපස්මාරය යන රෝගවලට ප‍්‍රතිකාර කිරීමටත් ලූනුවිල ශාකය යොදාගන්නවා. මානසික රෝගීන් තුළ හටගන්නා ආවේග නිසා ඇතිවන ආතතිය නැති කිරීමට අවශ්‍ය ඖෂධීය සංඝටක මේ ශාකය තුළ තිබෙනවා.

 ප‍්‍රශ්නය – ලූනුවිල ශාකයෙන් නිපදවන ඖෂධ පාකින්සන් රෝගීන් තුළ ක‍්‍රියාත්මක වීමට කොපමණ කල් ගත්වෙනවද?

 වෛද්‍ය ආරියවංශ හෙට්ටිආරච්චි – පාකින්සන් රෝගියකුට ලූනුවිල හැමවිටම දෙන්නේ මුඛ මාර්ගයෙන් කෂාය වශයෙනුයි. මෙය ශරීරගත වීමට පටන්ගෙන සතියක් ඇතුළත ප‍්‍රතිඵල පෙන්නුම් කරන්නට පටන් ගන්නවා. සති 12 ක් ගතවන විට ඖෂධයේ ක‍්‍රියාකාරිත්වය උපරිම තලයට පැමිණෙන අතර එම වෙනස භෞතික වශයෙන් හඳුනා ගැනීමට රෝගියාගේ සමීපතමයන්ට හැකිවෙනවා.

pakinson2



 නොමිලේ විස්තර සඳහා
 0777750111

advertistmentadvertistment
advertistmentadvertistment