පාකින්සන් සුවකරන්න වඳුරු මෑ වලින් දිව්‍යය ඖෂධයක්

1146

ප‍්‍රශ්නය – පාකින්සන් රෝගය සුව කිරීම සඳහා ප‍්‍රතිකාර කිරීමේදී MUCUNA PRURIENS හෙවත් වඳුරු මෑ නමැති රනිල බෝගයේ අඩංගු සංඝටක මගින් පාකින්සන් රෝගය දුරලීම සඳහා ඖෂධ සාදා ගන්නා ආකාරය ගැන අප පසුගිය සතියේ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාව තුළදී ඒ ගැන තව විස්තර ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

 මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි – අප‍්‍රිකාව, ආසියාව, කැරිබියන් සහ ශාන්තිකර දූපත්වල බහුලව වැවෙන වඳුරු මෑ ශාකය එය වැවෙන රටවල් බොහොමයක ජනප‍්‍රිය ආහාරයක්. මෙම මෑ ඇට තම්බා අනුභව කිරීම පුරුද්දක් වශයෙන් සිදු කරන අයට එක්කෝ පාකින්සන් රෝගය නොවැළඳෙන බවත් නොඑසේ නම් එම රෝගය වැළඳීම පමා වන බවත් සොයාගෙන තිබෙනවා. පාකින්සන් රෝගයට පමණක් නොව දියවැඩියාව, ක්ෂුද්‍ර ජීවී රෝග, ශරීරය විෂ සහිත වීම, අපස්මාරය සහ ආතතිය වැනි රෝගවලට ප‍්‍රතිකාර කිරීමේදී වඳුරු මෑ ශාකය මහත්සේ ප‍්‍රයෝජනවත් බව හෙළි වී තිබෙනවා.

ප‍්‍රශ්නය – පාකින්සන් රෝගයට වඳුරු මෑ ආශ‍්‍රිතව කරන ප‍්‍රතිකාරවල ක‍්‍රමවේදය කුමක්ද?

මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි – ප‍්‍රධානම දේ තමයි වඳුරු මෑවල අඩංගු LEVODOPA මගින් ශරීරයේ DOPAMINE මට්ටම වැඩිදියුණු කිරීම. මොලයේ ස්නායු ෙසෙල හෙවත් නියුරෝන අතර සංඥා ප‍්‍රවාහනය කිරීමට බලපාන ප‍්‍රධානම රසායන ද්‍රව්‍ය ලෙස DOPAMINE හැඳින්වෙනවා. පාකින්සන් රෝගය වැළඳුනහම රෝගියාගේ මොළයේ තිබෙන ෙසෙල මියයන අතර එවිට මොළයේ ක‍්‍රියාකාරිත්වයට අවශ්‍ය සංඥා නිකුත් කිරීමට මොළයේ ෙසෙලවලට බැරිවෙන බවත් අප පෙන්වා දුන්නා. ඒ ෙසෙල නැවත ක‍්‍රියාත්මක කළ හැක්කේ DOPAMINE ලබාදිය හැකිනම් විතරයි. එසේ DOPAMINE ලබා දීම LEVODOPA මගින් සිදුකළ හැකි නම් මොළයේ ෙසෙල ප‍්‍රකෘති තත්ත්වයට පත්වී රෝගය පාලනය කළ හැකියි. මොළයේ නියුරෝන බිඳ වැටීම නිසා පහත සඳහන් රෝග ලක්ෂණ හටගන්නවා නම් එය පාකින්සන් රෝගය විය හැකි බවට වෛද්‍යවරුන්ට සැක කළ හැකියි. එනම් රෝගියාගේ වැඩකටයුතු ඉතාම සෙමින් සිදු කිරීම, ශරීරයේ තද ගතියක් රෝගියාට දැනීම, රෝගියා වෙව්ලීම සහ ශරීර සමබරතාව ගිලිහී යාම. 

pakinson2
advertistmentadvertistment
advertistmentadvertistment