පාකින්සන් සුවකරන ගුග්ගුලු

358

ප‍්‍රශ්නය – කම්ප වාත – වෙපතු හෙවත් පාකින්සන් රෝගයට කරන ආයුර්වේද ඖෂධ පිළිබඳව හැඟීමක් ලබා ගැනීමට අප අපේක්ෂා කරනවා. අප කැමතියි එවැනි ඖෂධ කිහිපයක් පිළිබඳව ඔබ අපේ පාඨකයන් දැනුවත් කරනවා නම්.

 මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි – පාකින්සන් රෝගියකුට ඖෂධ නියම කිරීමේදී ඉන්දියානු වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ වර්ග ගණනාවක් තිබෙනවා. ඉන් ප‍්‍රධාන ඖෂධ වර්ග හතරක් වන්නේ සිමඃනන්ද ගුග්ගුළු, වතාරි ගුග්ගුළු, කොඋන්ච බීජ පාක සහ බ‍්‍රහ්ම රසායන යනාදියයි. මුලින්ම අපි සාකච්ඡුා කරමු සිමඃනන්ද ගුග්ගුළු ගැන. මේ ඖෂධය ඉන්දියානු ඖෂධවේදය තුළ චර්මාසාදන, ගණ්ඩ, රක්තවාතය, ශ්වසනාබාධ, බඩ පෙරළීම සහ රක්තහීනතාව යන රෝග සඳහා මෙය ප‍්‍රත්‍යක්ෂයි. ඉහත සඳහන් රෝග තත්ත්වයන් එකක් හෝ කිහිපයක් පාකින්සන් රෝගියා තුළ දකින්නට ලැබෙනවා. සිමඃනන්ද ගුග්ගුළු මඟින් සිදුවන්නේ එම රෝග තත්ත්වයන් සමනය කරදීමයි. මීට අමතරව වියපත් වීමේදී ඇතිවන සංකූලතා සමනය කර ශරීරයට තරුණ බව ලබාදිය හැකි ඖෂධයක් ලෙසත් මේ ගුග්ගුළු වර්ගය හැඳින්වෙනවා. මේ ඖෂධයේ න්‍යායාත්මක ක‍්‍රියාවලිය වන්නේ වාතල පිත, කප නමැති තිදොස් සමනය වීමයි. මේ ඖෂධය ගන්නා විට එය සමග හෝ පෙර හෝ පසු බත් ආහාරයට ගන්නා ලෙස ඇතැම් වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.

පාකින්සන් සුවකරන ගුග්ගුලු

මේ ඖෂධය ගැනීමට සමාන්තරව ඖෂධීය තෙල් හෝ එළඟිතෙල් වලින් ශරීරය සම්බාහනය කළ යුතු බව සමහරු පිළිගන්නවා. පාකින්සන් රෝගියෙක් මේ ඖෂධය ගැනීමේදී සුදුසු ආයුර්වේද වෛද්‍යවරයකුගේ නිර්දේශ ලබා ගැනීම අත්‍යවශ්‍යයි. එමෙන්ම ඇලපතික ඖෂධ ගන්නා (ඉංග‍්‍රීසි බෙහෙත්) රෝගීන් එම ඖෂධ ගන්නා අතර මෙය පාවිච්චි කිරීම නුසුදුසුයි. මන්ද යත් මෙහි අන්තරගතය සහ ඉංග‍්‍රීසි බෙහෙත්වල අන්තරගතය ගැටීමක් ශරීරය තුළදී හටගත හැකියි. හැබැයි හෝමියෝපති ඖෂධ සහ සිමඃනන්ද ගුග්ගුළු අතර ගැටීමක් සිදුවන්නේ නැහැ.

ප‍්‍රශ්නය – මෙහි අඩංගු ඖෂධ වර්ග මොනවාද?

මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි – අරළු, බුළු, නෙල්ලි හෙවත් ත‍්‍රිපලා, ශුද්ධ ඝන්ධක, ගුග්ගුළු සහ එඬරු තෙල් මෙහි අඩංගුයි.

නොමිලේ විස්තර සඳහා 0777750111

advertistmentadvertistment
advertistmentadvertistment