පාකිස්තානයට චීනයෙන් ආධාර

138

පාකිස්තානයට චීනයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව චීන රජයෙන් පාකිස්තාන රජයට අමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ ණය මුදලක් ලැබී ඇති බව ද පවසයි.

දරුණු ලෙස ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයට මෙය විශාල සහනයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයෙන් හිමිවූ මෙම මුදල් හේතුවෙන් කඩා වැටී තිබූ පාකිස්තානයේ විදේශ විනිමය සංචිතය ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment