පාකිස්තානයට දැවැන්ත ජයක්

114

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පෙරේදා (22 වැනිදා) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් පකිස්තානය ලකුණු 142 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 47.1 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 201 ක් ලබා ගත් අතර ඇෆ්ගනිස්තානය ලකුණු 59 කට දැවී ගියේය.

පන්දු යැවීමේ දී පකිස්තාන කණ්ඩායමේ හැරිස් රාවුෆ් කඩුලු 5 ක් බිඳ දැමූ අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පිතිකරුවෝ 5 දෙනෙක් ලකුණු නොලබා දැවී ගියහ. දෙරට අතර දෙවෙනි එක් දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස අද (24 වැනිදා) පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment