පාකිස්තානයේ පියන් තනතුරකට මිලියන 1.5ක් අයදුම් කරති

611

පසුගියදා අයැදුම්පත් කැඳවා තිබූ පකිස්තානයේ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහායක තනතුර සඳහා පකිස්ථාන ජාතිකයන් මිලියන 1.5ක් අයැදුම්පත් ඉදිරිපත් කර තිබූ බව පකිස්තාන පුවත්පත් විසින් වාර්තා කර තිබේ. මෙම තනතුර සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ පිරිස අතර දර්ශනවේදී උපාධිය (එම් ෆිල්) හැදෑරු අයද සිටින බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

 මෙම තත්ත්වයට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පකිස්තානයේ උපාධිලාභී මෙන්ම උපාධිය හදාරමින් සිටින අයගෙන් සියයට 40ක්ම රැුකියාවිරහිත භාවයෙන් පෙළීම බව පකිස්තාන සෙනෙට් කමිටුව විසින් ප‍්‍රකාශ කර තිබේ. පකිස්තානයේ රැුකියාවිරහිතභාවයෙන් පෙළෙන ප‍්‍රතිශතය සියයට 6.5ක් බව එරට අගමැති ඉම්රාන් ඛාන් පැවසුවද පකිස්තාන් ආර්ථික සංවර්ධන කමිටුව පවසනුයේ එම ප‍්‍රතිශතය සියයට 16ක් බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment