පාකිස්තානයේ මාරාන්තික හිම කුණාටුව ජීවිත 22ක් බිලි ගනී

385

පාකිස්තානයේ මාරාන්තික හිම කුණාටුවකට හසුව වාහනවල සිරවී සිටි සිය ගණනක් ජනයා ආරක්ෂිත ස්ථාන කරාගෙන යෑමට එරට හමුදාව කටයුතු කරමින් සිටී.

 මෙම හිම කුණාටුවට ගොදුරු වීමෙන් අට දෙනකුගෙන් යුත් පවුලක් සහ පස් දෙනකුගෙන් යුත් තවත් පවුලක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනකු මියගොස් ඇති බව බලධාරීහු පවසති.

 පොලිසිය පැවසුවේ, කඳු මුදුනේ පිහිටි මුරේ නගරයේ ශීත ඍතුවේ හිම පතනය නැරඹීමට පැමිණෙන සංචාරකයන් නිසා පවුල් 500ක් පමණ අතරමං වී ඇති බවයි. සිකුරාදා ඇතිවූ මෙම හිම කුණාටුව නිසා මුරේ නගරයේ සහ ඉන් පිටත මාර්ග අවහිර විය.

 මුරේ නගරය මුහුදු මට්ටමේ සිට මීටර් 2,300 (අඩි 7,500) උසින් පිහිටා ඇති අතර සමහරු තමන්ගේ වාහනවලට කොටු වී ඇත.

 ප‍්‍රදේශයේ ගෑස් සහ ජල සැපයුම අඩුවෙමින් පවතින නමුත් ප‍්‍රදේශවාසීන් සහ අවන්හල් නවාතැන්, ආහාර සහ බ්ලැන්කට් ලබා දී විපතට පත්වූවන්ට ආධාර කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment