පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වේ

189

පාකිස්තාන හිටපු ජනාධිපති ජෙනරාල් පර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 79 වැනි වියේ පසු වූ හිටපු ජනාධිපතිවරයා ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

1999 දී එරට හමුදාපති ලෙස කටයුතු කරමින් සිටි ඔහු එවක අගමැති වූ නවාෂ් ශරීෆ් බලයෙන් පහකර හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත්තේය.

1999 සිට 2002 දක්වා පාකිස්තානයේ ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කළ ඔහු 2001 සිට 2008 අගෝස්තු දක්වා එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

හිටපු ජනාධිපතිවරයා කලාතුරකින් පුද්ගලයකුට වැළඳෙන රෝගයකින් පීඩා විඳිමින් සිටියේය.

පසුගිය වසරේ ජුනි මාසයේදී මුෂාරෆ්ගේ පවුලේ උදවිය නිවේදනය කර සිටියේ හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කරනු ලැබ ඇති බවය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment