පාකිස්තානය ඉහළ හුන්සා නිම්නය චීනයට බදුදීමට යයි

710

චීන පකිස්ථාන ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතිය යටතේ පාකිස්ථානය ඉදිරියේදී චීනයට ඉහළ හුන්සා නිම්නය රහසිගතව බදුදීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

 චීන ආයෝජනයෙන් වැඩිවන ණය බර අඩුකර ගැනීම සඳහා මෙම පියවර ගැනීමට සූදානම් වන බවද වාර්තා වේ.

 පාකිස්තානයේ ගිල්හිට් බෝල්ටිස්ථානයේ පිහිටි මෙම නිම්නය ඛනිජවලින් පොහොසත් ප්‍රදේශයකි.

 රන්, යුරේනියම් ආදී වටිනා ඛනිජ සම්පත් සහිත පතල් 2000 කට වැඩි ප්‍රමාණයක් චීන සමාගම් වෙත මේ වනවිට බදු දී ඇත.

 චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රදේශයේ චීන ජාතිකයන් දහස් ගණනක් සේවයට පැමිණ සිටිති. ඔවුන් සමඟ චීන ඔත්තුකරුවන් සහ හමුදා භටයින් සිය ගණනක් පැමිණ ඇති අතර ඔවුන් චීන සමාගම්වලට ආරක්ෂාව සපයන බව ද වාර්තාවේ.

 ගිල්හිට් බෝල්ටිස්තාන ඉදිරි වසර 50 ක කාලය සඳහා චීනයට බදුදීමට සූදානම් වන බව ජනතාව චෝදනා කරති.

 මෙම ප්‍රදේශයේ ඇති ඛනිජ සම්පත් අතරින් යුරේනියම් සහ අනෙකුත් ඛනිජ සම්පත් වැඩි වශයෙන් භාවිතා කරන්නේ න්‍යෂ්ටික සහ අභ්‍යවකාශ තාක්ෂණය සඳහාය.

 මේ වනවිට ඉහළ හුන්සා ප්‍රදේශයේ ඇති පතල් චීන කම්කරුවන් විසින් ගවේෂණය කරති.

advertistmentadvertistment
advertistmentadvertistment