පාකිස්තානය කළඹන සියල්කොට් භීෂණය

731

‘‘මේ ජාතිය කොතරම් අගාධයකට ඇද වැටී ඇත්ද යන්න නැවත වරක් අපට සිහිපත් වේ. ප‍්‍රියන්ත කුමාර දියවඩන නමැති ශ‍්‍රී ලාංකිකයෙකුට සිකුරාදා දිනයේදී ඔහු කළමනාකරුවෙකු ලෙස සේවය කළ සියල්කොට් කම්හලේදී දෙවියන්ට අපහාස කිරීමේ චෝදනාව මත පහර දී මරා දමන ලද අතර හුරුපුරුදු ම්ලේච්ඡු ප‍්‍රචණ්ඩ චාරිත‍්‍රය නැවතත් ක‍්‍රියාත්මක විය. ඇත්තෙන්ම එය පකිස්තානයට ලැජ්ජා සහගත දවසක්. අපේම ලේ පිපාසය පුන පුනා පිටකරමින්, මෙවර අප අතර සිටි අන්තවාදීන් මේ රටේ ආගන්තුකයකු වූ පුද්ගලයකුට පහර දුන්නේය. තිත්ත සත්‍යය නම්, ඔහුගේ ජීවිතයේ අවසාන දිනයේ දියවඩන මහතා, පකිස්තාන රාජ්‍යයේ දශක ගණනාවක් තිස්සේ ආගමික අන්තවාදීන් සතුටු කිරීමේ ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිවිපාකවලට මුහුණපෑමයි. එම කතුවැකිය සියල්කොට් හි භීෂණය යනුවෙන් නම් කර තිබිණි.

පළමු වතාවට පාකිස්තානයේ සමාජ මාධ්‍ය ජාල තරුවක් බවට පත් වූ ඛන්දීල් බලෝච් ඝාතනය 2016 වසරේදී ලොව පුරා ප‍්‍රධාන පුවතක් බවට පත් විය. ඛන්දීල්ව ඝාතනය කළ ඇයගේ සහෝදරයාට 2019 සැප්තැම්බර් මාසයේ දඬුවම් නියමවිය. කෙසේ වෙතත්, පාකිස්තානය තුළ ඛන්දීල් ගෙවූ වෙනස් දිවි පෙවත ඇයගේ මරණයට හේතු වී ඇති බව වසර ගණනාවක් මේ සිද්ධිය නිරීක්ෂණය කළ බීබීසී මාධ්‍යවේදී සනම් මහර් වාර්තාකර තිබිණි. එය ‘පවුලේ ගෞරවය රැුක ගැනීම’ වෙනුවෙන් කළ ඝාතනයක් ලෙස හඳුන්වා ඇත. ඛන්දීල් සමාජ මාධ්‍ය ජාලවල පළ කරන ලද ඡුායාරූප සහ වීඩියෝ නිසා ඔවුන්ගේ පවුලට අගෞරව වන බව හැඟී යෑමෙන් සහෝදරයා ඛන්දීල් නිදා සිටින විට ඇගේ ගෙල සිරකර මෙම ඝාතනය සිදු කර තිබිණි. ඛන්දීල්ගේ ඝාතනයට පෙර වසරේ එනම් 2018 වසරේ පාකිස්තානය තුළ ආසන්න වශයෙන කාන්තාවන් 1100ක් ‘පවුලේ ගෞරවය’ වෙනුවෙන් ඝාතනය කර ඇතැයි එරට මානව හිමිකම් කොමිසම වාර්තා කර තිබිණි. ඛන්දීල් බලෝච් ඝාතනය මතක් වූයේ ඉංජිනේරු ප‍්‍රියන්ත කුමාර දියවඩනගේ සියල්කෝට්හි ඉතා කුරිරු අන්දමින් ඝාතනය වීම නිසාය. ඉංජිනේරු ප‍්‍රියන්ත කුමාර දියවඩනගේ ගනේමුල්ල, වැලිපිහිල්ල හන්දිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ‘93 කණ්ඩායමේ උපාධිධරයෙකු වන ඔහු වයස අවුරුදු 14ක සහ 9ක පුතුන් දෙදෙනකුගේ පියෙකු ද විය. ප‍්‍රියන්ත කුමාර සියල්කෝට්හි වසිරාබාද් පාරේ පිහිටි රාජ්කෝ ඉන්ඩස්ටී‍්‍රස් නම් පෞද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරීව ලෙස සේවය කරමින් සිටියදී මෙලෙස ඉතා පීඩාකාරී අයුරින් ඝාතනයට ලක්විය. පාකිස්තානය සැමවිටම ලංකාවට හිතවත් රටකි. ලාංකිකයන් බොහෝ දෙනකු එරට රැුකියාවල නිරත වේ. එරට ඉගැනුම ලබන පිරිසද බොහෝය. එසේම පාකිස්තාන වැසියන් ලාංකිකයන්ට ඉමහත් ගෞරවයක් දක්වයි. නමුත් මෙතැන සිදුවූයේ කුමක්ද?

පාකිස්තානය කළඹන සියල්කොට් භීෂණය
ඝාතනයට ලක්වූ පි‍්‍රයන්ත කුමාර

ශ‍්‍රී ලාංකිකයා ඝාතනය කර ඇත්තේ ‘‘දෙවියන්ට අපහාස කළේයැ”යි හේතු දක්වමිනි. එහෙත් මෙතන ඇත්ත කතාව කුමක්ද? නොකියන කතාව දන්නේ මියගිය ප‍්‍රියන්ත කුමාර පමණද? පන්ජාබ් රජයේ මාධ්‍ය ප‍්‍රකාශක හසාන් කවාර්ගේ ට්විටර් සටහනකට අනුව මේ වන විට හඳුනාගෙන ඇති ප‍්‍රධාන විත්තිකරුවන් වන්නේ ෆර්හාන් ඉඞ්රීස් සහ උස්මාන් රෂීඞ් යන අය යි. මොවුන් අත්අඩංගුවේ පසුවේ. සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවකු වන මුහම්මද් බෂීර් බීබීසීයට පවසා තිබුණේ ප‍්‍රියන්ත කුමාර අල්ලා දෙවියන්ට අපහාසයක් කර ඇති බවට කර්මාන්තශාලාව තුළ කටකතා පැතිර ගොස් තිබූ බවයි. බවයි. ආගමික පෝස්ටරයක් ප‍්‍රියන්ත විසින් ඉවත් කළාද වසර දහයක් තිස්සේ පාකිස්තානයේ වෙසෙන ප‍්‍රියන්ත ඒ රටේ හැසිරීම් නොදන්න අයුරින් කටයුතු කරයිද? ප‍්‍රියන්ත සිකුරාදා පෙරවරුවේ සමාගමේ සේවකයන් තමන්ට පහරදීමට එන බව දැන එහි වහලයේ

සැ`ගවීමට උත්සාහ දරා ඇත. නමුත් සාහසිකයන් සූර්යකෝෂ පැනල අතුරා ඇති වහලයට පැමිණ මොහුට අමානුෂික අන්දමින් පහරදී තිබේ. එක පුද්ගලයකු පමණක් මොහු බේරා ගැනීමට උත්සාහ කර ඇති නමුත් එය නිෂ්ඵල කාර්යක් වී තිබේ.

මේ ස්ථානයට පැමිණි පාකිස්තාන ගලවාගැනීමේ සේවකයා මාධ්‍යට පවසා තිබුණේ වින්දිතයා කර්මාන්ත ශාලාව ඉදිරිපිට මාර්ගයට ගෙන එන විට ද

මියගොස් සිටි බව යි. කෝපයට පත් අන්තවාදී කණ්ඩායම ඔහුගේ සිරුර පාරට ගෙනැවිත් ගිනි තබා සටන් පාඨ කියමින් සිට ඇත. මෙම අවස්ථාවේදී පොලිසිය මැදිහත්වීමට උත්සාහ කළ නමුත්, කලබලයට පත් ජනතාව සංඛ්‍යාත්මකව විශාල වූ අතර, පොලිස් බළකායේ සිටියේ කීපදෙනකු පමණකැයි පැවසේ. ගලවාගැනීමේ සේවකයාට අනුව, දහවල් 12.30ට පමණ පිළිස්සුණු සිරුර රෝහලට භාරදීමට හැකිව ඇත. කුමාර මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සියල්කොට්හි අල්ලාමා ඉක්බාල් ශික්ෂණ රෝහලේදී සිදුකර ඇති අතර, ඒ අනුව ඔහුගේ සිරුරේ වැඩි කොටසක් පිළිස්සී තිබූ අතර, ඔහුට එල්ල වූ වධහිංසා හේතුවෙන් අස්ථි කිහිපයක් කැඞී ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ජමයිත් උලෙමා ඉ ඉස්ලාම් නම් අන්තවාදී කණ්ඩායමේ පෝස්ටරයක් ප‍්‍රියන්ත විසින් ඉවත් කිරීම මේ ප‍්‍රහාරයට හේතුවක් යැයි විවිධ කතා පැතිර යයි. කෙසේ නමුත් ජමයිත් උලෙමා ඉ ඉස්ලාම් හි ප‍්‍රධානියා වන මවුලානා ෆස්ලූර් රෙහ්මාන්, ”ලැජ්ජා සහගත” සිද්ධිය හෙළා දකින අතරම, ගැඹුරු පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර ඔහු පවසන්නේ රජය සැක කරන අයට එරෙහිව ක‍්‍රියා නොකළහොත් එවැනි ප‍්‍රහාර නැවතත් සිදුවනු ඇති බවයි. මේ අනුව මේ අන්තවාදියා වක‍්‍රාකාරව එම ප‍්‍රහාරය සාධාරණය කරයි. සාමාන්‍යාධිකාරීවරයා ඝාතනය කර ඔහුගේ සිරුරට ගිනි තැබීම සම්බන්ධයෙන් සියල්කොට් කර්මාන්ත ශාලාවේ කම්කරුවන් 900 දෙනකුට එරෙහිව මූලික චෝදනා ඉදිරිපත් කිරීමට පාකිස්තාන පොලිසිය කටයුතු කර ඇති අතර ප‍්‍රියන්ත කුමාරට වධ දී වීඩියෝ පටිගත කළ අය ඇතුළු 235 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

කවරක් නමුත් ප‍්‍රියන්තගේ මරණය සමස්ත පාකිස්තානයම කලඹා තිබේ. ඉම්රාන් ඛාන් පෞද්ගලිකවම ඩුබායි සංචාරයක නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා සිය කනගාටුවත් මේ පර්යේෂණ වල ප‍්‍රගතියත් දැනුම්දී ඇත. ලාංකිකයා ඝාතනය වී පය කීපයක් ගතවන්නට පෙර පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ‘‘සියල්කෝට්හි කර්මාන්තශාලාවක දී නීතිය සියතට ගත් කණ්ඩායමක් එල්ල කළ ගොරතර ප‍්‍රහාරය සහ ශ‍්‍රී ලාංකික කළමනාකරුවෙකු පණපිටින් පුළුස්සා දැමීම පාකිස්තානයට ලැජ්ජාසහගත දිනයක්” පාකිස්තාන හමුදා ප‍්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඞ් බජ්වා ද මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දකියි. එය ‘‘ලැජ්ජාසහගත සිදුවීමක්” ලෙස හඳුන්වන ඔහු, අධිකරණ ක‍්‍රියාමාර්ගවලින් බැහැර එවැනි ක‍්‍රියා කිසිසේත්ම පිළිගත නොහැකි බව ද පවසයි.

කවරක් නමුත් මෙය හුදකලා සිද්ධියකි. එයට පාකිස්තාන ආණ්ඩුවට චෝදනා කළ නොහැක. නමුත් මෙයින් පාකිස්තාන රාජ්‍යයට වූ හානිය සුළුපටු නොවේ. ‘‘සියල්කොට් ඛේදවාචකය එක්සත් ජනපද කොන්ග‍්‍රසය තුළ පකිස්ථානය ප‍්‍රවර්ධනය කිරීමට අප දරන උත්සාහයට භයානක බලපෑමක් ඇති කරනු ඇත” යනුවෙන් පකිස්තාන ඇමරිකානු දේශපාලන ක‍්‍රියාකාරී කමිටුවේ ප‍්‍රධානියා වන ආචාර්ය රා ඕ කම්රාන් අලි පවසයි. පකිස්තාන ඇමරිකානු මණ්ඩලයේ වජිඞ් හසන් මෙම සිදුවීම දිගුකාලීන බලපෑමක් ඇති කරනු ඇතැයි බිය පළ කරයි. ”අපි ගිහින් පකිස්තානය ගැන කතා කරන හැම වෙලාවෙම එයාලා අහනවා සියල්කොට් සිද්ධිය ගැන.” අපිට හරිම ලැජ්ජයි! වර්ජිනියාවේ වෙසෙන බෂීර් මහතා කියන්නේ කිසිම වචනයකින් අපගේ හැඟීම විස්තර කළ නොහැකි බවයි. ”ඇමරිකානුවන්ට දැනටමත් පකිස්තානය පිළිබඳ නරක ප‍්‍රතිරූපයක් තියෙන්නේ මෙය ඉස්සරහට වඩාත් නරක අතට හැරේ. එයට මුහුණ දිය හැකි එකම ක‍්‍රමය අපරාධකරුවන්ට ආදර්ශවත් දඩුවම් දීමයි.” එසේම තවත් පාකිස්තානුවකු වන වර්ජිනියාවේ වෙසෙන හස්නේන් මහතා පවසන්නේ ඔහුගේ දියණිය ”මට ප‍්‍රවෘත්තිය පෙන්වා ”පකිස්තානයේ කුමක් සිදුවේද?” කියා ඇසුවා. මම කීවේ ඔවුන් මෝඩ මිනිසුන් බවයි. නමුත් ඇය, ‘එය පිළිතුරක් නොවේ. මට කියන්න මෙයාලට ඉඩ දුන්නේ කොහොමද කියලා?පාකිස්තානයේ ප‍්‍රමුඛ පුවත්පත වන ඩොන් හි කතුවැකියේ මෙලෙස සඳහන්ව තිබිණි. ‘‘මේ ජාතිය කොතරම් අගාධයකට ඇද වැටී ඇත්ද යන්න නැවත වරක් අපට සිහිපත් වේ. ප‍්‍රියන්ත කුමාර දියවඩන නමැති ශ‍්‍රී ලාංකිකයෙකුට සිකුරාදා දිනයේදී ඔහු කළමනාකරුවෙකු ලෙස සේවය කළ සියල්කොට් කම්හලේදී දෙවියන්ට අපහාස කිරීමේ චෝදනාව මත පහර දී මරා දමන ලද අතර හුරුපුරුදු ම්ලේච්ඡු ප‍්‍රචණ්ඩ චාරිත‍්‍රය නැවතත් ක‍්‍රියාත්මක විය. ඇත්තෙන්ම එය පකිස්තානයට ලැජ්ජා සහගත දවසක්. අපේම ලේ පිපාසය පුන පුනා පිටකරමින්, මෙවර අප අතර සිටි අන්තවාදීන් මේ රටේ ආගන්තුකයකු වූ පුද්ගලයකුට පහර දුන්නේය. තිත්ත සත්‍යය නම්, ඔහුගේ ජීවිතයේ අවසාන දිනයේ දියවඩන මහතා, පකිස්තාන රාජ්‍යයේ දශක ගණනාවක් තිස්සේ ආගමික අන්තවාදීන් සතුටු කිරීමේ ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිවිපාකවලට මුහුණපෑමයි. එම කතුවැකිය සියල්කොට් හි භීෂණය යනුවෙන් නම් කර තිබිණි.

‘‘මගේ මහත්තයා හරිම අහිංසක කෙනෙක්. පිටරට මෙච්චර සේවය කරලා ම්ලේච්ඡු විදියට ඝාතනය කරන බව මම නිවුස් වලින් දැක්කේ,” ඉංජිනේරු ප‍්‍රියන්ත කුමාර දියවඩනගේ ගේ බිරිඳ නිරෝෂි දසනායක බීබීසී සිංහල සේවය සමග පවසා තිබිණි.” ඊට පස්සේ මං අන්තර්ජාලයෙනුත් දැක්කා බොහොම අමානුෂික ලෙස ඝාතනය කරනවා. මම ශ‍්‍රී ලංකා රජයේ ජනාධිපතිතුමාගෙන් ද පකිස්තාන රජයේ ජනාධිපති සහ අගමැතිතුමාගෙන් ද මේ සඳහා සාධාරණ පරීක්ෂණයක් කර මගේ මහත්තයාට සහ දරු දෙදෙනාටත් යුක්තිය ඉෂ්ට කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ‘‘ඉංජිනේරු ප‍්‍රියන්ත කුමාර දියවඩනගේ ගේ සහෝදරයා වන කමලසිරි ශාන්ත කුමාර පවසන්නේ ‘‘ඔතන ඔය සියල්කොට් ෆැක්ටරියට ගියේ 2012දී. එදා ඉඳන් ඒ ෆැක්ටරියේ තමයි ඉන්නේ. එයා තමයි එතන ෆැක්ටරිය සම්පූර්ණවම අන්තිමට බාරව හිටියේ, අයිතිකාරයට පස්සේ. දැනට දන්න විදියට වෙලා තියෙන්නේ මොකක්ද අන්තවාදී සංවිධානයක් ඇතුළේ පෝස්ටර් වගයක් ගහලා ස්ට‍්‍රයික් එකක් කරලා එහෙම ගිහින් තමයි මේ අනතුර සිද්ධ වුණේ කියලා දැනට දැන ගන්න තියෙන්නේ.‘‘ ඇත්තෙන්ම ලාංකිකයන් ඉන්දියාව හා පාකිස්තානය අතර ක‍්‍රිකට් තරගයක් තිබියදී පවා ගන්නේ පාකිස්තානයේ පැත්ත බව ප‍්‍රකට රහසකි. නමුත් මේ සිද්ධිය බලවත් කම්පාවක් ඇතිකරන්නකි. ‘‘අප සමග ඉතා මිත‍්‍රශීලී රටෙහි මෙය සිදුවීම ඉතාම ශෝචනීය” බව කිව යුතුය.

ප‍්‍රියන්ත ඝාතනය වූ සියල්කොට් අතීතයේ සාගල නුවර ලෙස හැඳින්විණි. මිලින්ද පඤ්හයෙහි සඳහන් පරිදි මිළිඳු රජතුමා ‘අලසන්දා’ නම් දිවයිනෙහි කලසී නම් ග‍්‍රාමයෙහි උපන්නෙකි. ඔහු සාගලපුරය රාජධානිය කොටගෙන විශාල ප‍්‍රදේශයක් පාලනය කළ යොන් රජෙකි. නාගසේන තෙරුන් වහන්සේ අමතා රෝහණ තෙරුන් වහන්සේ මෙසේ වදාළහ. ”ආයුෂ්මතුනි, සාගල නම් නුවර මිළිඳු නම් යෝනක රජතුමා තර්කවාදීව, සියුම් ප‍්‍රශ්න අසමින් භික්ෂූන් වහන්සේ පීඩාවට පත් කරයි. ඔබ වහන්සේ ගොස් ඒ රජතුමාගේ වාද ප‍්‍රතිවාදයන් සිඳ දමා එතුමා බුදු සසුනෙහි අචල පැහැදීමට පත්කරවනු මැනව” යි පැවසූ සේක.

* චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment