පාකිස්තානය ඛේදවාචකය සහබළල් අත්!

127

වරක් පාකිස්තානයට ප්‍රකට ක්‍රිකට් කිරුල රැගෙන ආ ඉම්රාන් ඛාන් එයින් දශක කිහිපයකට පසු රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වූයේ පාකිස්තානයේ ඉරණම් කතාව තමන්ගේ දෝතට රැගෙන. 1992 දී පාකිස්තානයට ලෝක කුසලානය රැගෙන ආ ඉම්රාන් 1996 දී පාකිස්තාන ටෙහ්රික්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය ආරම්භ කළා. ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනුවේ දිනුවේ 1996. අවසාන වශයෙන්, වසර 22 ක දේශපාලන අරගලයකින් පසු, ඔහුගේ පක්ෂය 2018 මහ මැතිවරණයෙන් ජයගත් අතර ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වුණා.

කෝටි ගණනාවක් වූ පාකිස්තානු පුරවැසියන්ගේ ජීවිතවලට ජයග්‍රහණය රැගෙන ඒමේ වගකීම ඉම්රාන්ට පවරන්නට රටේ ජනතාව දෙවරක් කල්පනා නොකළ අතර බලය ලබා ගත් සැණින් ඔහු ඊට අවශ්‍ය කරන මාවත සකස් කරමින් සිටියා.

2018 මහ මැතිවරණයේදී “නව පකිස්තානයක්” නිර්මාණය කරන බවට ඔහු පොරොන්දු වුණා. සමබර අධ්‍යාපන ක්‍රමයක්, සෞඛ්‍ය සැලැස්මක්, දූෂණ විරෝධී බදු එකතු කිරීමේ ක්‍රමයක්, පාකිස්තානයේ ස්වයං තිරසාර බව, රැකියා උත්පාදනය, සම්මේලනය ශක්තිමත් කිරීම, පොලිසිය ප්‍රතිසංස්කරණය කිරීම, ආයෝජන ඉහළ නැංවීම, සංචාරක හා කෘෂිකාර්මික අංශ ශක්තිමත් කිරීම සහ කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා ඉම්රාන් ඛාන් පොරොන්දු වුණා.

දුප්පත්කම තුරන් කිරීම ඔහුගේ පොරොන්දු අතර ප්‍රමුඛ තැනක ලා සැලකුණා.

තිරසාර ආර්ථිකය, සංවර්ධනය, සුබසාධන වැඩසටහන් සහ ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්තිය අනුව 2020 වර්ෂය තුළ පාකිස්තානයේ සැලකිය යුතු ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වුණා වගේම 2020 වසරේ, 2021 සඳහා අලුත් යෝජනා සමඟ ඉම්රාන් ඛාන්ගේ රජය සැලකිය යුතු සන්ධිස්ථාන කරා ළඟා වුණා.

එක්සත් ජාතීන්ගේ 75 වන සැසිවාරය අමතමින් ඔහු දේශගුණික විපර්යාස, දූෂණය, වසංගත, ඉස්ලාම් භීතිකාව සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුළු ගෝලීය ගැටලු පිළිබඳව අවධානය යොමු කළා. ජාතිවාදයට එරෙහි සටනේදී සහ ගෝලීය සාමය හා ස්ථාවරත්වය සඳහා වන කාර්යභාරය ඉටු කරන ලෙස ඔහු එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියා.

ඉම්රාන් ට අවශ්‍ය වූයේ නොබැඳි පන්නයේ විදෙස් පිළිවෙතක්. නිතරම පුපුරන සුලු මට්ටමේ තිබෙන ඉන්දියාව සමඟ පවා ඔහු මැදිහත් මාවතක ප්‍රතිපත්තියක් වෙනුවෙන් දෑත් දිගු කළා. මුස්ලිම් ලෝකයේ රටවල් සමග සුහදත්වය සමග ගනුදෙනු කළ ඉම්රාන් මුස්ලිම් ලෝකයටම කැපී පෙනන පෙනෙන නායකත්වයක් පාකිස්තානය තුළ ගොඩ නැගීමට දායක වුණා. සෞදි අරාබිය සහ පාකිස්තානය සාම්ප්‍රදායික මිතුරන් වන නමුත්’ මාස කීපයක් තිස්සේ දෙරට අතර සම්බන්ධතා පළුදු වී තිබුණා. එසේ පළුදු වුණු සබඳතා යළි වර්ධනය කර ගැනීම උදෙසා ඉම්රාන් සුහදත්වයෙන් දෑත දිගු කළා. ඔහු ඉරානය සමඟත් ගනුදෙනු ආරම්භ කළා.

යුරෝපා රටවල් සමඟ හෘදයාංගම සම්බන්ධතාවක් ගොඩනගා ගත්තා ඉම්රාන් අමෙරිකාවටත් රුසියාවටත් එකසේ රාජතාන්ත්‍රික මැදිහත් රාජතාන්ත්‍රික මැදිහත්වීම සිදු කළා. සාම්ප්‍රදායික මිත්‍රත්වය චීනය සමඟත් ගොඩනඟාගත ඉම්රාන් නූතන ලෝකය ගොඩ නැගීමේදී රටවල් සහ ජාතීන් අතර පවත්නා සුහදත්වය පිළිබඳව මහත් අභිරුචියකින් කටයුතු කළා.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ සුවිශේෂී දිගු කාලයේ නම් සුහද සහ මිත්‍රශීලී සබඳතාවයක්. අප විසින් විශ්වාස කළ ලෝකයේ ඇතැම් බලවත් රාජ්‍යයන් තීරණාත්මක අවස්ථාවන්වලදී අපට පිටුපා යන විට පවා පාකිස්තානය අපේ රට සමග එකට හිට ගත්තා.

තම තනතුර නැති කරන ලද්දේ ජාත්‍යන්තර සහ දේශීය කුමන්ත්‍රණයකින් බව ඉම්රාන් ඛාන් වතාවක් පැවසුවා. ඇතැම් ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ කැමැත්ත වන්නේ පාකිස්තානය නිතරම ඉන්දියාව සමඟ පැටලී සිටිනු දැකීමට. එහෙත් ඉම්රාන් ඛාන් එවැනි රාජ්‍ය තාන්ත්‍රික ආරවුල් නිතරම මඟහැරීයා.

ඔහු ක්‍රමානුකූලව මුස්ලිම් ලෝකය තුළ වීරයා බවට පත්වුණා වගේම විශ්ව සාධාරණත්වය අගය කරන පිරිසගේ ද වීරයෙක් බවට පත් වුණා.

පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග කුමන්ත්‍රණයකින් ඔහුව බලයෙන් පහ කිරීමට ඒ කුමන්ත්‍රණකාරී කණ්ඩායම් වලට හැකියාව ලැබුණා.

හැමදාම දේශපාලනිකව විරසකව සිටි භූතෝ සහ ෂෙරිෆ් පවුල් එකට එක්වුණා. ඉම්රාන් ව බලයෙන් පහ කිරීමෙ න්‍යාය පත්‍රය ඔවුන් අතට ගත්තේ එහෙම. තමන්ට අභියෝගයක් වන පොදු සතුරාව පරාජය කිරීම උදෙසා ජන්මාන්තර සතුරන් දෙදෙනකු එකට එකතු වුණේ එහෙම.

අන්තවාදය වෙනුවට මැදිහත්ව ලෝකය ජයගැනීමේ කලාව ක්‍රමානුකූලව පකිස්තානයට හඳුන්වාදුන් ඉම්රාන් ව බලයෙන් පහ කෙරුණේ එහි ප්‍රතිඵලයක් විදිහට.

මේ වෙනකොට නැවතත් පාකිස්තානය පුරාම මැතිවරණයක අවශ්‍යතාව පිළිබඳව උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා. විකෘති පාර්ලිමේන්තුවක් තුළින් රට ඉදිරියට ගෙන යා නොහැකි බව තේරුම් ගෙන සිටින පාකිස්තානය ජනතාව පාරට බැහීමෙන් ඉල්ලා සිටින්නේ මැතිවරණයක් පවත්වන ලෙස.

නමුත් කුමන්ත්‍රණකාරී ලෙස එය කල් දමන්නටත් වර්තමාන පාලනය කටයුතු කරමින් සිටිනවා.

ඔවුන් මාධ්‍ය මර්දනය කරනවා. ජනතාව පීඩාවට පත්කරනවා. ඉම්රාන් ඛාන් කියන නම පවා මාධ්‍යයෙන් තහනම් කොට තිබෙනවා. එය සහමුලින්ම ශ්‍රී ලංකාවේ තත්ත්වයට සමානයි.

තමන්ගෙන් බල න්‍යාය පත්‍රය සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ප්‍රධාන පෙළේ දේශපාලන ප්‍රවාහයන් දෙකක් එකට එකතු වී සිටින බව අද අපේ රටේ කුඩා දරුවන් පවා දන්නවා. මේ අතර, එරට පංජාබ් ප්‍රාන්ත්‍රයේ පවත්වන ලද මැතිවරණයෙන් 75%ක බලයක් හිමි කර ගැනීමට ඔහු සමත් වෙනවා. එම ප්‍රාන්තයේ ආසන 20කින් 15ක් ජය ගැනීමට ඉම්රාන් ඛාන් නායකත්වය දරන තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය සමත් වීම පාකිස්තානයේ නව පාලනයට විශාල අභියෝගයක් වී තිබෙනවා. පාකිස්තානය අද උද්ගතව ඇති තත්ත්වය තුළින් ගම්‍ය වන්නේ දෙස් විදෙස් බළල් අත්වල තරමයි.

මේ පිළිබඳව නිවැරදි අවබෝධයකින් සහ නිවැරදි දැක්මකින් කටයුතු නොකරන්නේ නම් ඒ තත්ත්වය අප කාටත් පොදු බව අමුතුවෙන් කිව යුතු නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment