පාකිස්තානය තරගාවලියම පරදී

264

පාකිස්තානය සමගින් පැවැති එක්දින තරගාවලිය 3-0කින් ජයග‍්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර පැවැති තුන් වැනි සහ අවසන් එක්දින තරගය කඩුලූ‍ 3කින් ජය ගනිමින්.

 දෙරට අතර ක‍්‍රියාත්මක වූ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2කම ජය ගැනීමට එංගලන්තය සමත්වී සිටියේය. ඒ අනුව තරගාවලියේ ජයග‍්‍රහණය වේලාසනින්ම වෙන්කරගෙන සිටි එංගලන්තය දෙරට අතර පැවැති තුන් වැනි සහ අවසන් එක්දින තරගයත් ජය ගැනීමට සමත්වීම පාකිස්තානයට එරෙහිව පූර්ණ ඒකිදන තරගාවලියක් ජය පහස ලැබීමට සමත්විය.

 බර්මින්හැමි හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ‍ 9ක් දැවී ලකුණු 331ක අභියෝගයක් එංගලන්තයට ලබා දුන්නේය. එහිදී සුපිරි ඉනිමක් ක‍්‍රීඩා කළ නායක බාබර් අසාම් පන්දු 139කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 14ක් සමගින් ලකුණු 158ක් වාර්තා කළේය. ඒ අනුය එය බාබාර් ආසම් විසින් තමගේ එක්දින දිවියේ වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මීට අමතරව මොහොමඞ් රිස්වාන් ලකුණු 74ක් සහ ඉමාම් උල්හක් ලකුණු 56ක් වාර්තා කළේය.

 ජයග‍්‍රාහි ඉලයක්කය හඹා ගිය සත්කාරක එංගලන්ත පිතිකරුවෝ පන්දුවාර 48කදී කඩුලූ‍ 7ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් වූහ. එහීදී පන්දු 95කදී ශතකයක් වාර්කා කළ ජේම්ස් විනිස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. මීට අමතරව එංගලන්තය වෙනුවෙන් ලෙවිස් ග්‍රෙගරි සහ බෙන් ස්ටොක්ස් පිළිවෙලිනි ලකුණු 77ක් සහ 32ක් බැගින් වාර්තා කිරීමට සමත්විය.

 අදාළ ජයග‍්‍රහණයත් සමගින් අයි. සී. සී. ලෝක කුසලාන් සුපර් ලීග් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ තරග 15කදී ජයග‍්‍රහණ 9ක් සමගින් ප‍්‍රසාද ලකුණු 95ක් හිමිකර ගනිමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment