පාකිස්තානය සහ කාශ්මීරය යළි අවුලුවන්න හදයි

329


කාශ්මීරය යළි පාකිස්තානය සමග යුද්ධයකට යොමුකිරීම ඉලක්ක කරගත් දේශපාලන විවාදයක් ආරම්භවී ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.මේ වන විට දේශ සීමාවේ සටන් විරාමයක් සහ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා ද සැලකිය යුතු ලෙස පාලනයවී ඇතැයි ද පවසති.කෙසේවෙතත් දේශපාලනය ඉලක්ක කරගත් විවාද තුළින් නැවත සටන් ආරම්භ කිරීමට ඉන්දීය රජයට උපදෙස් දීමක් සිදුවෙමින් පවතින බවද එම විචාරකයෝ සඳහන් කරති.සුලු සිදුවීමක් හෝ ප්‍රධාන සිදුවීමක් වූ විට කාශ්මීරයේ තත්ත්වය 1990 ගණන්වලට වඩා නරකය යන අභූත ප්‍රකාශ ඉදිරිපත්වන බවද පවසති.කාලයත් සමග ත්‍රස්තවාදය සහ ගැටුම් ඇතිවීම ගැන විචාර වර්තමානයට නොගැලපෙන බවද එම දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment