පාකිස්තානය හමුවේ ශී‍්‍ර ලංකා ‘ඒ’ පළමු ඉනිම ලකුණු 141කට සීමා වෙයි

174

ශී‍්‍ර ලංකා ‘එ්’ කණ්ඩායම සහ පාකිස්තාන ‘එ්’ කණ්ඩායම අතර පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී කි‍්‍රයාත්මක නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දින වූ ඊයේ (29 වැනිදා) දින තරගය නතර කරන විටදී සිය පළමු ඉනිම කී‍්‍රඩා පාකිස්තාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 70ක් ලබා සිටියේය. එ් අනුව ඔවුන් ශී‍්‍ර ලංකා ‘එ්’ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 71ක් පිටුපසින් පසුවේ.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා ‘එ්’ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 141ක් රැුස් කළේය. ශී‍්‍ර ලංකා ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 36කට සීමා වු අතර දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 18කට සීමා විය. එ් අනුව ශී‍්‍ර ලංකා ඉනිම එක් අවස්ථාවක් මුලූ ලකුණු 88කය කඩුලූ 8ක් දැවී අසිරූ අඩියකට වැටී තිබිණි. කෙසේ වෙතත් ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප‍්‍රනාන්දු එක්ව ශී‍්‍ර ලංකව යම් ගෞරවනීය ලකුණු තත්ත්වයකට ගෙන එ්මට සමත්විය. ඇඹුල්දෙණිය ලකුණු 22ක් සහ විශ්ව ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 30ක් වාර්තා කළේය.

 පාකිස්තාන ‘එ්’ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 25කට සීමා කරමින් අබ්දුල්ලා සාෆික් ලකුනු 09කට පිටියෙන් ඉවත් කිරීමට ලසිත් ඇඹුල්දෙණිය සමත්විය. දිනය නිමා වනවිටදී නොදැවී පන්දුවට පහරදෙමින් සිටි සෞඞ් ෂකීල් ලකුණු 35ක් සහ ඔමාර් යුෂොප් ලකුණු 26ක් ලබා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment