පාකිස්තානු යුද නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

146

පාකිස්තානු නාවික හමුදාවට අයත් PNS TAIMUR යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ උදෑසන (12දා) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ PNS TAIMUR නෞකාව දිගින් මීටර් 134 හා 169 ක පමණ නැව් මුළුවකගෙන් සමන්විතය. එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම්. යසීර් තාහීර් කටයුතු කරයි.

‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් ඊයේ (12දා) බටහිර නාවික විධාන මූලස්ථානයේ දී සිදු කිරීමට නියමිතව තිබිණි. නෞකාව අගෝස්තු මස 15 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටින කාලසීමාවේදී එහි කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමට නියමිතය.

‘PNS TAIMUR’ නෞකාව 15 වැනිදා දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග බටහිර මුහුදේ දී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදුකිරීමට ද නියමිතව ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment