පාකිස්ථානයේ සිරකාරියන්ට මානසික හා ශාරීරික හිංසාවන්

303

පකිස්ථානයේ කාන්තා සිර කරුවන් දැඩි ලෙස ශාරීරික සහ මානසික හිංසනයට ලක්ව ඇතැයි ලාහෝර් හි නේෂන් පුවත් පත් වාර්තා කරයි. හියුමන් රයිට් වොච් වාර්තාවකට අනුව පාකිස්ථානයේ සිරමැදිරියක උපරිම ලෙස සිටිය හැක්කේ සිරකරුවන් තිදෙනෙකි. නමුත් එහි සිරකාරියන් 15ක් පමණ රදවා ඇතැයි සදහන් කරයි. කාන්තා සිරකාරියක් දැඩි ලෙස සෞඛ්‍ය පහසුකම් නොමැතිව දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව ද ඔවුන්ගේ පෞද්ගලික සෞඛ්‍ය ගැටලු පැවසීමට සිදුව ඇත්තේ පිරිමි බන්ධනාගාර නිලධාරීන්ට බවද පවසයි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර පරීක්ෂක ජෙනරාල් මීර්සා ෂාහිච් ද ඒ බව තහවුරු කර ඇතැයි ලාහෝර් හි නේෂන් පුවත් පත වාර්තා කරයි. කාන්තා සිරකාරියන්ගේ මාසික ඔසප්වීම ගැන පැවසීමට පවා සිදුව ඇත්තේ පිරිමි බන්ධනාගාර නිලධාරීන්ට බැවින් ඉන් සිරකාරියන් දැඩි මානසික පීඩනයකට ලක් වන බවත් ලිංගික හිරිහැර වලට පවා ගොදුරු වන බවත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment