පාකිස්ථාන ආක්‍රමණික කාශ්මීරයේ ලේකම් කාර්යාල සේවකයෝ විරෝධතාවක

112


පාකිස්ථාන ආක්‍රමණික කාශ්මීරයේ මුසාෆරාබාද් හි ලේකම් කාර්යාල සේවකයින් වැටුප් සහ දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් රජයට එරෙහිව සටන් පාඨ කියමින් විරෝධතාවක නිරතවූහ.

ඒ සම්බන්ධව සේවකයෙක් පැවසුවේ අපේ ඉල්ලීම ජනවාරි මාසයේ සිට හිඟ වැටුප් සමඟ ලේකම් කාර්යාල දීමනාවක් ලබා දිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. රජයට වාහන ගන්න මුදල් වියදම් කරන්න පුළුවන්. අපි රජයේ වියදම්වලට බාධා කරන්නේ නැහැ. නමුත් සේවකයන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදිය යුතුයි.
ඉම්රාන් ඛාන්ට රුපියල් කෝටි ගණන් ගෙවන්න පුළුවන්. සේවකයන්ට රුපියල් 13,000 පඩිය දෙන්න බැරිද. අපි වෙහෙස මහන්සි වී වැඩ කළ නමුත් අපගේ වැඩ සඳහා අපට වැටුප් ලැබුණේ නැහැ. රාමසාන් සමයේදී වැටුප් සහ පැකේජ ලබා දෙන බවට අපට සහතිකයක් ලබා දුන්නා. කෙසේ වෙතත් අපට කිසිවක් ගෙවා නැහැ. අද අපි මෙතනට ආවේ උද්ඝෝෂණය කරන්න. නමුත් කාර්ය මණ්ඩලය අපිව එළියට තල්ලු කළා. අපි අපේ අයිතිය ඉල්ලනවා යැයිද විරෝධතාවයට එක්වූ කාන්තාවක් මාධ්‍ය වෙත පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment