පාකිස්‌තානයේ පෝලියෝ වැඩසටහනකට රැකවරණය දුන් පොලිස්‌ භටයෙක්‌ ඝාතනය කෙරේ

324

පාකිස්තානයේ පෙගෝවාර්හි පෝලියෝ එන්නත්කරණ සෞඛ්‍ය සේවකයන්ට ආරක්ෂාව සැපයූ පොලිස් භටයකුට ත‍්‍රස්තවාදියකු වෙඩි තබා මරා දමා ඇත.

මෙහිදී එම එන්නත්කරණ සේවකයන්ට හානියක් සිදුවී නැත. මිලියන 6.24ක් වූ ළමුන්ට මෙම එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති අතර ඊට සෞඛ්‍ය කණ්ඩායම් 30340ක් යොදවා තිබිණි.

මොවුන්ට 40000ක පොලිස් භටයන් පිරිසක් ආරක්ෂාව සලසා ඇත. පසුගිය මාසයේදී ද පෙගෝවාර් පෝලියෝ එන්නත් වැඩසටහනට රැකවරණ සැපයූ පොලිස් භටයකු ඝාතනය විය.

advertistmentadvertistment
advertistmentadvertistment