පාඨලීගේ නඩුවේ විරෝධතා ඉවතට

244


2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතළ අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු විසින් මතුකළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් එම නියෝගය ලබා දුන්නේය.

ඒ අනුව ජුනි මස 17 වනදා විත්තිකරුට අධිකරණය හමුවේ චෝදනා කියවා දී නඩු විභාගය ආරම්භ කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment