නැනෝ නයිට්රජන් පොහොර ආනයනය කිරීමේදී වංචාවක් වී ඇති බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (10 දා) පෙරවරුවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.
තමා වංචාවක් කර ඇති බවට අබමල් රේණුවක තරමේ සාක්ෂියක් තිබේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, එවැනි සාක්ෂියක් ඉදිරිපත් කළහොත් තමා ඕනෑම දඬුවමක් විඳින්න සූදානම් බවත්, එසේ නොහැකි වුවහොත් පාඨලී චම්පික රණවක මන්තී‍්‍රවරයාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් තමා ඉල්ලා සිටි බවත් මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය ඉන්දියාවෙන් යූරියා නැනෝ පොහොර ආනයනය කිරීමේදී එක් පොහොර ලීටරයකින් ඩොලර් 20 ක් වංචා කර ඇති බවත්, ඊට කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් තමා හා රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා වගකිවයුතු බවත් පාඨලී චම්පික රණවක මන්තී‍්‍රවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
අපි ඉන්දියාවෙන් කිසිම යූරියා නැනෝ පොහොරක් ආනයනය කර නැති බව පාඨලී චම්පික රණවක මන්තී‍්‍රවරයාට මතක් කර දෙනවා. අපි ගෙන්වන්නේ නැනෝ නයිට්රජන් පොහොරක්. මෙහි වංචාවක් සිදුවී ඇති බවත් ඊට කෘෂිකර්ම ඇමැති වශයෙන් තමා සම්බන්ධ බවට චෝදනා කිරීමත් නිසා මන්තී‍්‍රවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළා. මෙයට පෙර කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා වංචාවක් ගැන කියලා. ඒ පිළිබඳව පැමිණිලි කළාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිත් කිව්වා මතක නෑ නිකන් කිව්වේ කියලා. මනුෂ නානායක්කාර මන්තී‍්‍රවරයා කිව්වේ හිතලා කිව්වේ කියලා. මේ ආකාරයට විපක්ෂයේ මන්තී‍්‍රවරුන් හිතෙන හිතෙන විදියට එක් එක් කෙනාට නිකරුණේ චෝදනා එල්ල කිරීම අසාධාරණයි.
රසායනික පොහොර සමාගම් මේවාට මැදිහත් වෙලා වියදම් කරනවා. මාධ්‍ය හමු තියනවා. නඩු දානවා බොරු චෝදනා කරනවා.
අනුර බාලසූරිය