පාඨලී ජවිපෙ හමුවෙයි

517


වත්මන් දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ 43 වන සේනාංකය අතර හමුවක් අද (11) පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්‍යාලයේ සිදු කෙරිණි .
ජවිපෙ නියෝජනය කිරීමෙන් එහි නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන මණ්ඩල සභික වන සුනිල් හඳුන්නෙත්ති සහ කේ.ඩි. ලාල්කාන්ත යන මහත්වරුද 43 සේනාංක නියෝජනය කරමින් එහි නායක හිටපු ඇමැති , පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා , කරු පරණවිතාන නිශාන්ත වර්ණසිංහ ඇතුලු‍ නියෝජිත පිරිසක් එම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
මෙහිදී විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනය, අන්තර්කාලීන ආණ්ඩුව , ජනාධිපතිවරයා ඉවත්ව යෑම , රට ගොඩනැගීමේ ඉදිරි සැලසුම් ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳ සාකච්ඡා කෙරී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment