පාඩු ලබන රාජ්‍ය ආයතන රකින්න බෑ – ඇමැති ෂෙහාන් සේමසිංහ

121

පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා නොවූ රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (05 දා) මුදල් අමාත්‍යාංශයේදී පැවසීය.

මේ ආයතනවලට මුදල් වෙන් කිරීම යනු මෙරට පොදු ජනතාවගෙන් එක්රැස් කර ගත් බදු මුදල් මෙකී ආයතන නඩත්තුවට වෙන් කිරීම බව ද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

මේ බව රටේ සියලු පාර්ශ්වයන් අවබෝධ කරගත යුතු බව ද මේ නිසා ජනතාව මත බර පටවා තවදුරටත් ආයතන පවත්වාගෙන නොයා ඉදිරියේදී නියාමන අධිකාරියක් වශයෙන් රජය කටයුතු කරන බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 අතරින් 39 ක් ලාභ ලබන අතර 13 ක් පාඩු ලබමින් පවතිනවා. එම පාඩු ලබන ආයතන 13 හි මුළු අලාභය රු. බිලියන 1029 ක් වන අතර, ලාභ ලබන ආයතන 39 හි ලාභය රු. බිලියන 218 ක් පමණක් යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

මේ නිසා සමස්තයක් ලෙස මේ රාජ්‍ය ආයතනවලින් වාර්ෂිකව රජයට සිදුවන අලාභය රු. බිලියන 811 ක් බව ද රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment