පාඩු ලබන ශී‍්‍ර ලංකන්  ප‍්‍රතිව්‍යුහගත කිරීමට උපදේශන ගන්න  කෝටි 33ක් දීලා

268

යහපාලන කාලයේ කටවචනයට කළ වැඩක්

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීමට අදාළ වැඩසටහනක් ස`දහා උපදේශන ලබාගැනීමට එක්සත් රාජධානියේ සමාගමකට ඉකුත් වසරේ රුපියල් තිස්තුන් කෝටි හැටලක්ෂයක් (පවුම් මිලියන 1.2ක්) ගෙවා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඉකුත් යහපාලන සමයේ එවකට සිටි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය එක්සත් රාජධානියේ අප‍්‍රකට මෙකී උපදේශන සමාගමට එම කාර්යය පවරා ඇත්තේ පිළිගත් ගිවිසුමකින් නොවන අතර කටවචනයට අනුව යැයි ද තහවුරු වී තිබේ.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට ලබා තිබෙන පාඩුව රුපියල් කෝටි 40,000කි. මෙම වසර අවසන් වන විට එම පාඩුව රුපියල් කෝටි 45,000 ඉක්මවා යනු ඇතැයි ගණන් බලා තිබේ. එලෙස පාඩු ලබන සමාගම ඈවර කර එය ප‍්‍රතිව්‍යුහගත කිරීම ස`දහා 2018-2019 කාලයේදී මෙකී සමාගමෙන් උපදේශන ලබාගැනීමට ගත් ක‍්‍රියාමාර්ගය වැරදි යැයි කියමින් එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අදාළ මුදල් ගෙවීම ප‍්‍රතික්ෂේප කර ඇත. පසුව එම සමාගම ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා තිබියදී එම තත්ත්වයට මුහුණ නොදී මෙම මුදල් කන්දරාව සමාගමට ගෙවා ඇතැයි අනාවරණය වී ඇත. මෙහිදී යම් පාර්ශ්වයක් හිතාමතාම මෙකී උපදේශන සමාගම සමග එක්වී යම් සංතෝෂමක් ලබාගන්නට ඇතැයි ද විගණන විමසීම්වලදී පෙනී ගොස් තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment