පාතාලයේ පිංතු මැරුම් කයි

399

මිනීමැරුම් කොල්ලකෑම් කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල කල්ලි නායකයකු බව කියන ලලිත් පිංතු නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (18 වැනිදා* අලූයම එල්ල කළ ප‍්‍රහාරයකින් මරුමුවට පත්වී ඇත.

ලලිත් පිංතු නමැති මෙම පාතාල ප‍්‍රබලයා සිය කල්ලියේ සාමාජිකයන් පිරිසක් සමඟ නවීන පන්නයේ වෙසල් රථයක යමින් සිටියදී ඔවුන් ලූහුබැඳ ගිය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සීදුව ප‍්‍රදේශයේදී එල්ල කළ ප‍්‍රහාරයකින් මොහු මියගොස් තිබිණි.

මෙම පාතාල නායකයා සමඟ වෙසල් රථයේ ගමන්ගත් පාතාල සාමාජිකයන් දෙදෙනකු සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුව ගෙන තිබේ.

ලලිත් පිංතු අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී ඔහු වෙසල් රථයෙන් පැන පිස්තෝලයක් රැුගෙන පලා යෑමට උත්සාහ කර ඇත. ඒ අවස්ථාවේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එල්ල කළ ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මෙම පාතාල නායකයා පසුව මියගොස් තිබේ.

මෙරට පාතාලයේ ගෝඞ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ්ගේ සමීපතම සගයකු වන ලලිත් පිංතු ඔහු සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේද නිරත වී ඇත.

සීදුව, කටුනායක ආ`ඩිඅම්බලම ප‍්‍රදේශ කේන්ද්‍ර කරගෙන බිහිවී තිබූ පාතාල කල්ලියට නායකත්වය දුන් මෙම පාතාල නායකයා සිදුකර ඇති මිනිස් ඝාතන සංඛ්‍යාව 06ක් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

ලලිත් පිංතු සහ ඔහුගේ පාතාල කල්ලියේ සාමාජිකයන් සිදුකර ඇති මහා පරිමාණ කොල්ලකෑම් සංඛ්‍යාව අති විශාලය. මේවන විට පොලිසියට වාර්තා වී ඇති කොල්ලකෑම් සංඛ්‍යාව පමණක් 20ක් බව අනාවරණය වී ඇත.

මිහිඳුකුලසූරිය ලලිත් වසන්ත පිංතු නොහොත් ලලිත් පිංතු කටුනායක ප‍්‍රදේශයේ පදිංචි 44 වැනි වියේ පසුවූ පුද්ගලයෙකි.

ඉකුත් 1999 වර්ෂයේ සිට මොහු පාතාල කි‍්‍රයාකාරකම්වල නිරත වෙමින් සිටින අපරාධකරුවෙකි. 1999 වර්ෂයේදී මීගමුවේ වෙළෙඳසලකට ප‍්‍රහාර එල්ල කිරීම, 2011 වර්ෂයේදී රාගම ප‍්‍රදේශයේ රන් ආභරණ වෙළෙඳසලකට කඩාවැදී අවි පෙන්වා රුපියල් 28 ලක්‍ෂයක රන් භාණ්ඩ කොල්ලකෑම, ජාඇල වෙළෙඳසලකින් රුපියල් අසූලක්‍ෂයක මුදල් සහ භාණ්ඩ කොල්ලකෑම ඇතුළු වත්තල කටුනායක රාගම මාතර අකුරැුස්ස, බලගොල්ල ප‍්‍රදේශවල තවත් මහාපරිමාණ කොල්ලකෑම් රැුසක් මොහු විසින් සිදුකර ඇති බව හෙළිවී තිබේ.

තවද අලූත්ගම, මින්නේරිය, පිළිමතලාව, මාරවිල ප‍්‍රදේශවලද ලලිත් පිංතු ඇතුළු පාතාල කල්ලිය මහා පරිමාණ කොල්ලකෑම් රැුසක් සිදුකර ඇති බව හෙළිවී ඇත.

ඉකුත් 1999 වර්ෂයේදී සීදුව ප‍්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් පිහියෙන් ඇන පොලූවලින් පහරදී ඝාතනය කිරීම, 2004 වර්ෂයේදී කටුනායක ප‍්‍රදේශයේ පුද්ගලයකුට පහරදී මරා දැමීම, 2011 වර්ෂයේ වත්තල ප‍්‍රදේශයේ අයකුට වෙඩිතබා ඝාතනය කිරීම, එම වර්ෂයේදීම වත්තල ඉසුරු රණසිංහ යන අයට වෙඩිතබා ඝාතනය කිරීම, කටුනායක ප‍්‍රදේශයේදී 2011 වර්ෂයේදී කරාටේ ශූරයකු වන රොෂාන් යන අයට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලලිත් පිංතුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මෙම පාතාල නායකයා ආයුධ සන්නද්ධව සිය කල්ලියේ සාමාජිකයන් සමඟ මෝටර් රථයකින් සැරිසරන බවට විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා මහතා වෙත මුලින්ම තොරතුරක් ලැබී තිබිණි.

ඒ අනුව පෙරේදා රාත‍්‍රියේ සිට නදීක සිල්වා ඇතුළු නිලධාරීන් මෙම පාතාල නායකයා ලූහුබඳිමින් ගොස් තිබිණි. මොහු කොළඹ සිට සීදුව ප‍්‍රදේශය බලා වෙසල් රථයෙන් යමින් සිටියදී සීදුවේදී අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට එම නිලධාරීන්ට සිදුවී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික සිල්වා මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

හේමන්ත රන්දුණු, කටුනායක – ආනන්ද නිශ්ශංක,  මීගමුව විමල් කීර්ති, මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment