පාතාල ඝාතන 7ක්

252

ඉකුත් සති දෙකක කාලසීමාවේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් පුද්ගලයන් 7 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මේ ඝාතන සියල්ලම මත්ද්‍රව්‍ය ජාවාරම් මුල් කරගෙන ඇති වූ ආරවුල් මත සිදු කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

ඉකුත් 30 වැනිදා පිටකොටුව ඕල්කොට් මාවතේදී දෙනෝදාහක් දෙනා බලා සිටියදී පාතාල අපරාධකරුවන් දෙදෙනකු විසින් ටී56 ගිනිඅවියක් යොදාගෙන පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මෙම ඝාතනය වැරදීමකින් සිදුවූවක් බවත් ඝාතනය කිරීමට සිටි පුද්ගලයා යැයි සිතා වෙනත් අයකු ඝාතනය කර ඇති බවත් පසුව හෙළි විය.

එම ඝාතනයෙන් පසු පානදුර, අලුත්ගම, තංගල්ල, වැලිගම, මෝදර, වත්තල ප්‍රදේශවලදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් 6ක් වාර්තා වූ අතර ඒ සියල්ලම මත්ද්‍රව්‍ය ජාවාරම් මුල් කරගෙන සිදු වූ ඝාතන බව අනාවරණය වී තිබේ.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment