පාදයේ ගැටුණු නිධානය විකුණන්න ගිය කාන්තාව ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

649

රු. ලක්ෂ 25ක් වටිනා රන් ආභරණ සහ මැණිකක් සමග පිළිම දෙකක් සොයාගැනේ

මැදවච්චිය, මයිලගස්වැව, වැවට ගිය කාන්තාවකට වැව් බැම්මේ තිබී නිධානයක් හමුවී ඇති බවත් එය විකිණීමට සැලසුම් කර තිබිය දී තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.

මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්. එම්. අයි. බී. රත්නායක මහතාට ලද තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මැදවච්චිය, මයිලගස්වැව, කිරිගල්ලෑව ලිපිනයේ පදිංචි කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයෙකි.

වර්ෂාවත් සමග පසුගිය 25දා සවස වැවට ගොස් පැමිණීමෙන් සිටි කාන්තාවක් වැවේ සිට වැව් බැම්ම දෙසට ගොඩවන අවස්ථාවේ දී තම පාදයේ මෙම නිධානය ගැටී ඇත. ඒ අනුව එම ස්ථානය පරීක්ෂා කළ කාන්තාව වර්ෂාවත් සමග සේදී යමින් තිබූ වැව් බැම්මේ තිබුණු මෙම නිධානය දැක ඇත. අනතුරුව දෑතින් එම ස්ථානය හාරා ඇත. එහි තිබී පෞරාණික වටිනාකමින් යුත් ආභාරණ රැසක් සහ රුපියල් ලක්ෂ 25 ට ආසන්න රත්තරන් වලින් සෑදු ආභරණ තොගයක් සහ ආරු නූල් මැණිකක්, පිළිම දෙකක් මෙම කාන්තාව ඇතුලු පිරිසට එහිදී හමුවී ඇත. අනතුරුව නිවස වෙත ගොස් ඉන් කොටසක් නිවසේ සඟවා තවත් කොටසක් මැදවච්චිය එක්තරා රන් අලවි කරන මධ්‍යස්ථානයක් වෙත ගෙනවිත් විකුණූ බව සැකකරුවන් පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව පරීක්ෂා කරමින් එම භාණ්ඩ සහ පුද්ගලයන් පොලිස් භාරයට ගැනීමට මැදවච්චිය පොලිසිය කටයුතු කර ඇත.

එම පිරිස මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට 26 වැනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මැදවච්චිය – ගයාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment