පානදුරයේ ලොසිංජර මත් රකුසෙක්.

86

අලෙවි කිරීමට සූදානම් කර තිබු මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් පානදුරදී සොයාගෙන තිබේ.මෙම මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර තොගය කුඩා දරුවන් ඉලක්ක කරගෙන බෙදා හරින්නට සුදානම් කර තිබෙන්නට ඇතැයි සැකකරන බව පොලීසිය කියයි . සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන තිබේ .
පානදුර පෞද්ගලික පාසලක් ඉදිරිපිට ඇති වෙළෙඳසැළක ඒවා අලෙවියට සුදානම් කර තිබු බවද පොලිස් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි . පාසල්වල සිසු සිසුවියන්ගේ මව්පියන් කරන ලද පැමිණිල්ලකට අනුව පානදුර උතුර පොලීසිය වැටලීම සිදුකරතිබිණි .

advertistmentadvertistment
advertistmentadvertistment