පානදුරේ බාලිකා විදුහලක් ළඟ මත් පෙති විකිණූ කතක් දැලේ

168

පානදුර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක් සමීපයේ මත් පෙති අලෙවි කළ කාන්තාවක වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව සන්තකයේ තිබුණු මත් පෙති 300ක් පොලිසිය මගින් සොයාගෙන ඇති අතර මෙම පෙති පාසල් දරුවන්ට අලෙවි කිරීමේ අරමුණින් ළඟ තබාගෙන සිටි බව අනාවරණය වී තිබේ.

මෙම පොලිස් කණ්ඩායමේ නිලධාරිනියක පාසල් ඇඳුමකින් සැරසී මෙම මත්ද්‍රව්‍ය මිලට ගැනීමේ මුවාවෙන් සැකකාරියගේ නිවසට ගොස් මෙම ජාවාරම කොටුකරගත් බව වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකය කියයි.

මෙම කාන්තාව සම්බන්ධයෙන් කලක් තිස්සේ නිරීක්‍ෂණය කර ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම බාලිකා විද්‍යාලයට ආසන්නයේ පිරිමි විද්‍යාලයක් ද පිහිටා තිබෙන බව පොලිසිය කියයි.

මෙම මත් පෙත්තක් ඇය රුපියල් 700කට අලෙවි කර ඇතැයි පොලිස් ප්‍රකාශකයෙක් කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment