පානදුර කොවිඞ් වාට්ටුවට රොබෝ එයි

81

කොරෝනා ආසාදිතයින්ට බෙහෙත් සහ ආහාර ලබාදීම මෙන්ම අදහස් හුවමාරු කර ගන්නා මීටර් 300ක දුරක සිට දුරස්ථ පාලකය කළ හැකි බව කියන ටෙඞී රොබෝවරයකු ඊයේ (08 දා) පානදුර මූලික රෝහලට පරිත්‍යාග කිරීම සිදුකරන ලදී .

නිල්වලා විදුලිබල පුද්ගලික සමාගමේ ‘විදුසවිය ගමට එළියක්’ වැඩසටහන යටතේ මෙම රොබෝ පරිත්‍යාග කර තිබේ.එම සමාගමේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ රොෂාන් සිරිවර්ධන මහතා විසින් පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය වෙත ටෙඞී රොබෝවරයා භාරදීම සිදුකරනු ලැබීය.

නියෝජ්‍ය අධිකාරී වෛද්‍ය හේමන්ත කුමාර ඇතුළු රෝහලේ පාලන නිලධාරී පිරිසක් සහ නිල්වලා විදුලිබල පුද්ගලික සමාගමේ ක‍්‍රියාකාරී පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ආර්.ඒ. එස්. පේ‍්‍රමතිලක, බණ්ඩාරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment