පානදුර ප‍්‍රා. ස. මන්ති‍්‍රනී කාන්තිට සභා ගැබ තුළදී ජල ප‍්‍රහාරයක්

143

එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන පානදුර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනී කාන්ති මංගලිකා මහත්මියට සභා ගැබ තුළදී ඊයේ (14* ජල ප‍්‍රහාරයක් එල්ලවිය.

පානදුර ප‍්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම ඊයේ පැවතී අතර, එහිදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් අතරතුර පාලක පක්ෂය දෙසින් මෙම ජල ප‍්‍රහාරය එල්ල විය.

2022 වර්ෂය සඳහා ඉදිරිපත්වූ අයවැය සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් කතාබහ අතරතුර දී විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම සභා

ගැබෙන් පිටව යන අතරතුර දී පාලක පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම රැුඳී සිටින අන්තයෙන් ජල ප‍්‍රහාරයක් එල්ල වූ අතර එම ජල පහර එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීනී කාන්ති මංගලිකා මහත්මියට, ජවිපෙ මන්ත‍්‍රී කණ්ඩායම් නායක අජිත් කුමාර සිරිසේන සහ ප‍්‍රාදේශීය සභාව ආවරණය කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදී දයා හේමන්ත යන මහත්වරුන්ට ද එල්ල විය.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment