පාන්දර පහට ඇඟ තවා ගන්න ගිහින් නො එන ගමන් ගිය මිනිහෙක්

1726

රුචිර සම්පත් හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 36 කි. විවාහකයෙකි. ඔහු විවාහ වූයේ දැනට වසර කිහිපයකට පමන ඉහත කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ තරුණියක සමඟයි.

විවාහ වුවත් රුචිර ගත කළේ සෙල්ලක්කාර ජීවිතයකි. මිතුරන් සමඟ විනෝද වීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම මොහු දිගින් දිගටම සිදු කරගෙන ගියේය. එවැනි දෙවල් සිදු නොකරන ලෙස බිරිඳ කොතෙක් පැවසුවත් මොහු එය කනකටවත් ගත්තේ නැත. අවසානයේ ඇය මොහුට තියෙන ආදරය නිසාම ඒ සියල්ල ඉවසා ගෙන සිටියාය.

පසුගිය සතියේ රුචීරගේ බිරිඳ දින කිහිපයක් තම මවගේ නිවසේ නතර වී සිටියාය. ඒ ඇයට ඇති වූ අසනීප තත්ත්වයක් නිසාය. බිරිඳ නිවසේ නොමැති නිසා එම දින කිහිපයේ රුචිර තම මිතුරන් සමග සිතේ හැටියට විනෝද විය.

දිනය පසුගිය තිස් වැනිදාය. එදින සවස රුචිර තම යහළුවන් කිහිප දෙනකු සමග හොඳහැටි මත්පැන් පානය කළේය. පාන්දර එක දෙක වෙන තුරුත් ඔහුන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කළේය.

රුචිර මත්පැන්වලට වඩා මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහිවී සිටි පුද්ගලයෙකි. එදින නිවසට ගියත් ඔහුට නින්ද ගියේ නැත. ඒ විවිධ මත්ද්‍රව්‍ය පානය කර තිබූ නිසාය.

නිදි නොළත් ඔහු දුම්වැටියක් පානය කරමින් මෙලෙස කල්පනා කළේය.

‘‘කාලෙකින් අද හොඳට සෙට් වුණා. ගහපු බඩු ටික නියමෙටම වදිනවා. ආතල් එක හොඳටම තියෙනවා. නින්ද යන්නෙත් නෑ. වයිෆරෙත් ගෙදර නැහැනේ. ඒක නිසා ස්පා එකකටවත් ගිහින් එන්න ඕනා.”

එලෙස සිතූ ඔහු පාන්දර පහට පමණ තම මෝටර් රථයට නැගී තලවතුගොඩ ප‍්‍රදේශයට ගියේය. එලෙස ගියේ සම්භාහන මධ්‍යස්ථානයක් සොයාගෙනය.

තලවතුගොඩ ප‍්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයක් ඉදිරිපිට ඔහු තම මෝටර් රථය නතර කළේය. එලෙස නතර කළ ඔහු එයින් බැස සම්භාහන මධ්‍යස්ථානය වෙත යෑමට මද දුරක් ගියේය. එලෙස ගිය ඔහු යළි ආපසු හැරුණේය. ඒ මෝටර් රථය තුළ තිබූ සිගරට් පැකැට්ටුවෙන් දුම්වැටියක් දල්වා ගැනීම සඳහාය. දුම්වැටියක් දල්වා ගත් ඔහු යළි සම්භාහන මධ්‍යස්ථානය තුළට ඇතුළු විය.

සම්භාහන මධ්‍යස්ථානයට ඇතුළු වීමත් සමග එහි සිටි තරුණියන් කිහිප දෙනකු රුචිරව සාදරයෙන් පිළිගෙන එක් තරුණියක් මෙලෙස පැවසුවාය.

‘‘එන්න සර් ඇතුළට ඇවිත් වාඩි වෙන්න.”

අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් ඔහු සිටියේ පියවි සිහියකින් නොවේ. එම නිසා ඔහු එයට මෙලෙස පිළිතුරු දුන්නේය.

‘‘වාඩිවෙලා ඉන්න නෙවෙයි ආවේ. හොඳ සැ… අරන් යන්න ආවෙ. ගෑනිත් ගෙදර නැහැ.”

‘‘හරි සර් ඉල්ලන සැ… අපි දෙන්නම් ඕනම විදිහකට.”

‘‘මමත් බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. පාන්දර පහට හොයාගෙන ආවේ ඒකනෙ.”

‘‘සර් මෙතනින් කැමති කෙනෙක් තෝරගන්න.”

‘‘මම හැමෝටම කැමතියි.”

‘‘එහෙම බැහැනේ සර්. එක් කෙනෙක් තෝරගන්න.”

‘‘හරි හරි. ඔය රතු පාට ගවුම ඇඳන් ඉන්න එක්කෙනා එන්න. එයාට මං ගොඩක් කැමතියි.”

‘‘හරි මම එන්නම්. සර් ඉල්ලන සැ…. මම දෙන්නම්. හැබැයි සල්ලි තමයි ඕනා.”

‘‘සල්ලි ගැන බයවෙන්න එපා. ඒක මම බලාගන්නම්.”

‘‘සර් එහෙනම් බිල ගෙවලා උඩ තට්ටුවට එන්න.”

සම්භාහන මධ්‍යස්ථානයේ සේවය කරන තරුණිය එලෙස පැවසුවාය. ඒ අනුව රුචිර මුදල් ගෙවා එම තරුණිය පැවසූ ආකාරයට ඉහළ මාලයට පැමිණියේය. එලෙස පැමිණි ඔහු ඇඳුම් උනාදමා ඇඳක් මත දිගා විය.

තරුණිය ඔහුව සම්භාහනය කිරීමට පටන් ගත්තාය. සම්භාහනය කරන මුල් අවස්ථාවේ ඔහු ඇයට විවිධ දේවල් පැවසුවේය. ඉන්පසු එක්වරම ඔහු නිශ්ශබ්ද විය. තරුණිය සිතුවේ සම්බාහනය කරන නිසා එම පුද්ගලයා නිදි ඇති බවයි. තරුණිය ඔහු එලෙස නිශ්ශබ්දව සිටියදීත් විනාඩි කිහිපයක් සම්භාහනය කළාය. ඉන්පසු ඇය ඔහුට අනෙක් පස හැරෙන ලෙස පැවසුවාය. එහෙත් ඔහුගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නොමැත. තරුණිය නැවත නැවතත් ඔහුට කතා කළාය. එහෙත් කිසිදු ප‍්‍රතිචාරයක් නොමැත. ඉන්පසු තරුණිය මහත් සේ බියට පත් වී කෑ ගැසුවාය.

තරුණියගේ කෑගැසීම ඇසී එම සම්භාහන මධ්‍යස්ථානයේ සිටි අනෙක් පිරිසද එම ස්ථානයට පැමිණියහ. එම පැමිණි පිරිසට තරුණිය සිදු වූ සියල්ල පැවසුවාය. ඒ අනුව ඔවුන්ද තරුණයාට කතා කළේය. එහෙත් ඔහු කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැත.

අවසානයේ සම්භාහන මධ්‍යස්ථානයේ කළමනාකරු දුරකථන ඇමතුමක් ලබාදී මේ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කළේය. එම දැනුවත් කිරීම් අනුව පැමිණි සෞඛ්‍ය අංශ සේවකයන් එම තරුණයා පරීක්ෂාකර බලා පැවසුවේ ඔහු මියගොස් ඇති බවයි. ඉන්පසු එම සිරුර මුල්ලේරියාව රෝහලට රැගෙන ගියේය. ඒ ඔහුගේ මරණයට හේතුව සොයා ගැනීම සඳහාය.

ඔහු මියගියේ කොරෝනා රෝගය වැළඳීම නිසා ද නැතිනම් අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා ඇති වූ වෙනත් රෝගයක් නිසාද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ මෙම ලිපිය ලියන මොහොත වන විටත් පරීක්ෂණ සිදුකරමින් පවතී.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment