පාන්පිටි කිලෝව රු. 40 කින් ඉහළට

119

ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල ඊයේ (19දා) සිට රු. 40 කින් ඉහළ දැමූ බව එම සමාගම විසින් දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය තිරිඟු පිටි තොග ලබා ගැනීමේදී සෑම කිලෝවකටම රු. 40 ක් වැඩි කර සමාගම වෙත මුදල් බැර කරන ලෙස සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී තිබේ. නව මිල වැඩි කිරීමත් සමග තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු. 250 දක්වා ඉහළ යන බව අලෙවි නියෝජිතයෝ පවසති.

එයට සමගාමීව ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රු. 30 කින් සහ තිරිඟු පිටි ආශ්‍රිත කෙටි ආහාර රු. 10 කින් පමණ ඉහළ දැමීමට සිදු වන බව බේකරි හිමියෝ පැවසූහ.

දැනට වෙළෙඳපොළේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රු. 110 කට අලෙවි වන අතර, තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල 70% කින් පමණ ඉහළ ගොස් ඇති බව බේකරි හිමියෝ කියා සිටිති.

සෙරෙන්ඩිබ් තිරිඟු පිටි සමාගමද තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කරන බව දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇත.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment