පාන් ගෙඩිය රු. 170 ට නගී

121

අනෙකුත් නිෂ්පාදනත් රු.10 කින් මිල උස්සයි

ග්‍රෑම් හාරසිය පනහක බරින් යුත් පාන් ගෙඩියක මිල ඊයේ (19දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40කින් ඉහළ දැමීමත් සමඟ පාන් ගෙඩියක නව මිල රුපියල් 170ක් දක්වා වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

මීට අමතරව අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් දහයකින් ඉහළ දැමීමට එම සංගමය පියවර ගෙන ඇත. ප්‍රීමා සමාගම විසින් තිරිඟු පිටි කිලෝව රුපියල් හතළිහකින් ඉහළ දැමීම සහ බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදු වූ බවට සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එච්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ ට සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment