පාන් තොරණක්

321

කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා අද (13) ඇසළ පොහෝදා පාන් තොරණක් සාදා තිබුණි. මේ සම්බන්ධයෙන් අදහස් පළකළ කමල් පෙරේරා මහතා මෙසේ ද පැවසීය. “අද පාන් ගෙඩිය රුපියල් 200.00 සීමාවටම ළඟා වෙලා. මේ තත්වය ජනතාවට ලෙහෙසියෙන් දැන්වීමට මා තොරණක් හැදුවා. ඇත්තටම අපේ ජනතාවට රුපියල් 200ක් දීලා පාන් ගෙඩියක් ගන්න පුළුවන්ද. පාන් හදන්න ගන්න දේවල් එක්ක අද පාන් ගෙඩියක් රුපියල් 200කටවත් දෙන්න අමාරුයි. හැම දෙයක්ම අද අහස උසට නැගලා. දුප්පතාට පාන් ගෙඩියක් ගන්න, බේකරි හිමියාට අත දෙන්න කියලා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙහෙම ගියොත් බේකරි කර්මාන්තය කඩා වැටේවි. ජනතාවට පාන් කියාගන්න බැරි වේවි.

හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල් – ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment